මැතිව්ස්, කුසල්, දනංජය ට අවස්ථාව ඇති අසේල, සීකුගේ, ජීවන් ට නැති

බංගලාදේශයෙන් කාපු අපිට ඇෆ්ගන්තනය දුවන්න දෙති

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් හිමිවී වසර 30 කට අධික කාලයක් ගත වුවද එදා මෙදා තුර මෙරට ක්‍රිකට් කණ්ඩායමක් මෙතරම් පහලට කඩාවැටීම දක්නට නොලැබුණි. එදා තරග පැරදුණි අන්තයට පැරදුනු තරග තරග තිබුණද ඊලග තරගයේදී ඒ සියල්ල අමතක කර ෆීනික්ස් කුරුල්ලා නැගී සිටින ලෙසින් නැගිටීමේ හැකියාවක් අපේ කණ්ඩායමට තිබුණි අද වනවිට ඒ සියලු ගුණයන් ,හරයන් ,දක්ෂතාවයන් ,සියල්ල අහිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉදිරි ලෝක ක්‍රිකට් තරග කෙසේ නම් ජය ලබයි ද? අපේ ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමේ නිත්‍ය නායකයට මෙතරම් තරග හෝ තරගාවලි අහිමි වී නැත එම අඩුව පිරවීමට සිටින මැතිව්ස් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට රැගෙන ආ ජයග්‍රහණ මල්ල කෙතරම් ද කොටි ගණනින් මුදල් වියදම් කර නඩත්තු කරණ ජාතික කණ්ඩායමක පන්දු රැකීම මෙතරම් දුර්වල නම් කාට කියන්නද අහෝ මතිව්ස් ට, කුසලට ,දනංජය සිල්වාට දුන් අවස්ථාව වැනි අවස්ථා අසේලට ,සීකුගේ ප්‍රසන්න ට ජීවන් මෙන්ඩිස් වැනි අති දක්ෂ තවත් ක්‍රීඩකයන්ට ලබා දුන්නේනම් ආසියානු කුසලානයේ අවසානය මෙසේ ලියන්නට නොහැකි වනු ඇත . බංගලාදේශයෙන් කාපු අපිට ඇෆ්ගන්තනයෙන් දුවන්න දෙන්නේ අන්න ඒ නිසා බව මතක තබාගත යුතුව ඇත.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 91 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය. මෙම තරගයේදී ලද පරාජයත් සමග ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 250 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41.2 ක් අවසානයේ ලකුණු 158 කට සීමා කිරීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රෂීඞ් ඛාන්, ගුලාබ්ඩීන් නබී, මොහොමඞ් නබී සහ මුජිබ් උර් රෙහෙමාන් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *