මැතිවරණය කියන්නේ පොල් ගෑමේ තරගයක් නෙවෙයි — නිමල් ලාන්සා

මැතිවරණය කියන්නේ පොල් ගෑමේ තරගයක් නෙවෙයි
— නිමල් ලාන්සා
මෙසේ ප්‍රකාශ කළේ රාගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය

පසුගියදා සජිත් මහත්තයා කිව්වා පුළුවන් නම් රැස්වීම් දාහක් කියන්න කියලා. මේක බනිස් කෑමේ තරගයක් නම්, පොල් ගෑමේ තරගයක් නම් එතුමා කියන විදිහට ජනහමු තියන්න අපට පුළුවන්. එතුමා ජනාධිපති වරණය කාලේ රැස්වීම් 140 ක් පැවැත්තුවා. නමුත් ලක්ෂ 14 කින් පරාදයි. ජනහමු 140 ට ලක්ෂ 14 කින් පරාජය ලැබුවා නම් ජනහමු දාහකට කීයකින් පරාජය වෙයි ද? ඒ නිසා එතුමාට ජන හමු දාහක් වෙනුවට දෙදාහක් පැවැත්වීමට තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා යනුවෙන් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ධූරාපේක්ෂක නිමල් ලාන්සා මහතා රාගම පැවැති ජනහමුවේදී පැවසීය.

ලබන අගෝස්තු පස් වෙනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙනවා. මැතිවරණය එපා කිව්ව සජිත් ප්‍රේමදාසත් දැන් වේදිකාවට නැගලා. එදා ජනාධිපතිවරණ වේදිකාවේදී කිව්ව කතා ටිකම දැන් වෙනස් විදිහකට කියාගෙන යනවා. කියන කතා ටිකක් කිව්වා මතකයි නේද? අද බොත්තම් ඔබන කතාව, එන්ජින් කතාවඒක හරි නාදීකා හරි අවුලක් ඇති

එතුමාගේ නහරයක හරි නාඩියක හරි අවුලක් ඇති. මොන නහරේ ද අවුල තියෙන්නේ තියෙන්නෙ කියලා ජලනී නෝනා තමයි දන්නවා ඇත්තේ. එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකට තියෙන්නෙ ඔය ලෙඩ තමයි.

අනික ඔයා ජන හමු දාහේ කතාවත් විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවෙයි. මැතිවරණයට තියෙන්නෙ දින හතළිස් ගණනක්. බෙදලා බලන්න. දවසකට රැස්වීම් කීයක් තියන්න ඕනද? රැස්වීමත් තත්පර ගණනකින් ඉවර කරන්න පුලුවන්ද? නිකම් හිතලා බලන්න. රැස්වීමකට අඩුම ගණනේ පැයක් වත් ගත වෙනවා. දවසකට තියෙන පැය ගණන බලන්න. මේවා නිකං මෝඩ තකතීරු කතා. කිසිම ප්‍රායෝගිකත්වයක් නැති කතා.කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මට අද රැස්වීම් 12 ක් තියෙනවා. ඒ 12 කරන්නෙත් මොන තරම් අමාරුවෙන්ද?

මෙහෙම විකාර කතා කියන සජිත් නායකත්වයට නම් ගැලපෙන්නෙ නෑ. තමන්ගේ බුද්ධිමත් බව පේන්නෙත් නෑ. වැඩ පිළිවෙලක් ඇත්තෙත් නෑ. දැන් බලන්න අර විසි දහසේ කතාව. දෙනවමයි කියලා දිවුරනවා. දිනන්නෙ නැති බව දැන ගත්තම කාට උනත් ඔය වගේ බොරු කියන්න පුළුවන්. රංජිත් මහත්තයාට අපි අභියෝග කරනවා පුළුවන්නම් කියන්නකො තියෙනවා කියලා.මන්ත්‍රිකම ඔට්ටුවට දාමු. මහින්ද අගමැතිතුමාත් එක්ක සජිත් ට හැරෙන්නවත් බැහැ. ඒකයි ඇත්ත.

කෝවිඩ් වසංගතයක් එක්ක ලෝකෙ ලෝකයේ සියලු රටවල ආර්ථික සංවර්ධනය ඍණ .3 දක්වා පහත වැටෙන බව ආසියානු සංවර්ධන බැංකුව ආදී ආයතන විසින් පුරෝකථනය කර තිබෙනවා. අපට විශාල අභියෝගයක් මෙතන තිබෙනවා. කාලය ජනාධිපතිතුමාට තිබෙන අභියෝගය තමයි අර ඍණ . 3 ආර්ථික සංවර්ධන වේගය ධන පැත්තට ගෙන එන එක.

ඒ නිසා තමයි ජනාධිපතිතුමා මහබැංකුවේ නිලධාරීන් ගෙන්වලා ඇහුව්වේ ලෝකයේ ලෝකයේම ආර ම ආර්ථිකය කඩාගෙන වැටෙනකොට අපේ ආර්ථිකය කළමනාකරණය කරන, රටේ එය කටයුතු නියාමනය කරන ආයතනයක් විදිහට වැඩ පිලිවෙලක් නැතුව ඉන්නෙ ඇයි කියලා. එහෙම ඇහුවට පස්සේ බැංකුවේ නිලධාරීහු නිදිමරාගෙන වැඩ කරලා ජනතාවට සහන පොලියට දීමට බිලියන 150ක මුදලක් සූදානම් කළා. ඒ වැඩේ කරන්න මාස ගණනාවක් කිව්වා. කළේ නෑ. ටිකක් තදට කිව්වම තමයි එයාලත් වැඩ කරන්න පටන් ගත්තෙ.

ඡන්දය කල් යන්න කල් යන්න එයාලට ලේසි වෙයි කියලා එක්සත් ජාතික පක්ෂය හිතුවට එක එහෙම වෙන්නේ නෑ. එන්න එන්න ම අමාරු වෙනවා. කුහක කමින් හිතුවොත් එහෙම වෙනවමයි. ලෙඩ්ඩු වැඩි වෙන්න ඕන. මිනිස්සු මැරෙන්න ඕන කියලා හිතන එක කුහකත්වය නෙවෙයි ද? එහෙම හිතෙන අයට අනිත් පැත්තට ලැබෙන ප්‍රතිඵලය තමයි ඕක. මම දුප්පත් මිනිස්සුන්ට උදව් කරනකොට මට ගහපු ඔක්කොම පැරදුනා. මාව හිරේ දාන්න ආපු අය මට කලින් හිරේ ගියා. අපි අදහන ආගම් දහම අනුව ඔහොම සිද්ධ වෙනවාමයි.

අද එක්සත් ජාතික පාක්ෂිකයෝ ගම් පිටින් අපේ පැත්තට එනවා. ඒ පක්ෂයේ නායකයෝ දෙපැත්තට බෙදිලා ගහ ගන්නව නේ. මම නම් කියන්නෙ ඔය දෙගොල්ලො ගහගන්නෙ බොරුවට. එකතු වෙනවා. ජේවීපී එකයි ටීඑන්ඒ එකයි යූඇන්පී එකයි කියන්නේ එකම කණ්ඩායම.

මහබැංකු හොරු ඉන්නේ අදත් පාර්ශවයෙ කියලා රනිල් සජිත්ගේ පැත්තට ඇඟිල්ල දික් කරනවා. සජිත්ලා රනිල්ට ඇඟිල්ල දික් කරනවා. පැත්තෙ ඉන්නේ හොරු කියලා රටට ඔප්පු වෙනවා. ඔක්කොම හොරු. බොරු ටික ප්‍රතික්ෂේප කරන්න දැන් කාලේ හරි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *