මැතිවරණයෙන් මැතිවරණයට බියගම ඡන්ද ප්‍රතිශතය ඉහළ යන්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන නිසයි—දුලිප් විජේසේකර

මැතිවරණයෙන් මැතිවරණයට බියගම ඡන්ද ප්‍රතිශතය ඉහළ යන්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන නිසයි—දුලිප් විජේසේකර

බියගම ආසනයේ හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා අධ්‍යාපන ඇමැතිවරයා කාලෙ ඉස්කෝලයක් වහලා පොලිසියක් විවෘත කළා. අපි ඒවා අනිත් පැත්ත හැරෙව්වා යනුවෙන් බියගම ආසනයේ පොදුජන පෙරමුණේ සංවිධායක, හිටපු මන්ත්‍රී දුලිප් විජේසේකර මහතා පවසයි.

ඔහු එසේ ප්‍රකාශ කළේ බියගම මැතිවරණ කොට්ඨාස ආසන බලමන්ඩල රැස්වීමට එක්වෙමින්ය.

විජේසේකර මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.

අවුරුදු දහයක් තිස්සේ අපට හිමිව තිබූ බියගම පුාදේශීය සභාව දිනාගෙන බියගම ආසනයට අලුත් වැඩක් කලා නම් ඒ එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස මමත්, පළාත් සභාවේ ගුණසිරි ජයනාත් මන්ත්‍රීතුමාත්, පුාදේශීය සභාවේ සභාපති සහ මන්ත්‍රී කණ්ඩායමත් පමණයි. ඒ නිසයි බියගම ආසනය තුල හැම ⁣ක්ෂේත්‍රයකම සංවර්ධන වැඩ කටයුතු සිදු වුණේ.

ඩුලිප් විජේසේකර මොනවද කළේ කියලා සමහරු අහනවා. අපි කාපට් පාරවල් විතරක් 78 ක් නිම කරලා තිබෙනවා. ඒ නිසා මෙවරත් බියගම ආසනයට පාර්ලිමේන්තු නියෝජනයක් අවශ්‍යයි. ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙක් ලෙස ඔබගේ සහයෝගයෙන් පත් වෙලා විශාල වැඩ කොටසක් මම කරලා තිබෙනවා.

මම ඉතින් බොහොම හෙමින් වුණත් වැඩි සද්ද බද්ද නැති උනත්, ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. ඒක ජනතාව දන්නවා. ඒ නිසයි මැතිවරණයෙන් මැතිවරණයට බියගම ඡන්ද ප්‍රතිශතය ඉහළ යන්නේ. පළාත් පාලන මැතිවරණයට වඩා, පහුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද ප්‍රතිශතය සියයට 13.2 ක ඉහළ යාමක් තිබෙනවා. එළැඹෙන පස්වැනි දා ඡන්දයෙන් මේ තත්වය තවත් ඉහල යන බව මට විශ්වාසයි. ඒකට හේතුව අප සමග අපේ ප්‍රාදේශීය සභාවේ කණ්ඩායම ඉතාමත් කැපවීමෙන් වැඩ කිරීමයි. අපේ පුාදේශිය සභාව රටටම ආදර්ශයක් වෙමින් තම වගකීම හරියාකාරව ඉටු කරමින් ඉන්නවා. කොරෝනා වසංගතය වෙලාවේ මුළු රටම ඒ කැපවීම දැක්කා. අනෙක් ක්ෂෙත්‍ර ගැනත් හැම දෙයක් ගැන සොයා බලනවා.

අධිවේග මාර්ග පද්ධතියේ සිව්මන්සල වන කඩවත නගරයත් අයිතිය අපටයි. ඒ නිසා කඩවත නගරය කෙරේ අපේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා. දැන් බියගම ආසනයේ ප්‍රධාන නගරය වශයෙන් එය දියුණු කිරීම කඩිනමින් සිදු වෙනවා. නිමා කරන්නට නොහැකිව තිබූ කොග්ගල කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාප සම්බන්ධ වන ලෙස මාර්ග පද්ධතිය නිර්මාණය කිරීම සහ එහි කඩවත ප්‍රධාන පිවිසුම ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. දැන් එහි වැඩ කටයුතු සිදු වෙමින් පවතිනවා. දෙල්ගොඩ උප නගරයත් සංවර්ධනය කරනවා. බියගම ආසනය ගම්පහ දිස්ත්‍රික්කයේ සුන්දරතම ආසනය බවට පත් කරන්නටයි අපි එදා සැලසුම් කළේ. එ්ත් ඒවා නැවතුනා. නැවතුණු සියල්ල අගොස්තු 5 න් පස්සේ ආරම්භ කෙරෙන බව මට විස්වාසයි. ජනාධිපතිතුමා නිර්මාණාත්මක චින්තනයක් තිබෙන අළුත් දැක්මක් සහිත නායකයෙක්.

ඒ නිසා එතුමාට ඡන්දය දුන් නොදුන් කවුරුත් එතුමා විශ්වාස කරනවා. ඔහු හැමෝගෙම නායකයා බවට පත් වෙලා. දැන් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් පවා අප හා සමග එක්වෙනවා. බියගම පමණක් නොව මුළු රටේම තත්වය ඒකයි. ඒ විතරක් නෙමේ මුලු ලෝකයේම ගෞරවයට එතුමා පත් වෙලා. ඉස්සර මුළු ලෝකෙම කතා කළේ පුටින් ගැන. දැන් කතා කරන්නේ ගෝඨාභය ජනාධිපති තුමා ගැන.

අපේ සියඹලාපේ හංදිය, වෙළඳ කලාපයේ වැඩ කරන තරුණ තරුණියන්ගෙන් මංගල දිනයේ ඡායාරූප ටික ගන්නට පුළුවන් සුන්දර තැනක් බවට පත් කරන්නට පුළුවන් වුණා. ඒත් එතැන තව කටයුත්තක් ඉතුරු වුණා. ස්වයං රැකියා කරන අයට අර බත්තරමුල්ලේ දියත උයන වගේ අලෙවි මේ මධ්‍යස්ථානයක් ඇති කරන්නට සැලසුම් කරලා තිබෙනවා. ඉදිරි කාලයේ දී ඒක යථාර්ථයක් බවට පත් වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *