මැතිවරණයක් පවත්වන්න –අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමි ඉල්ලයි

මැතිවරණයක් පවත්වන්න –අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමි ඉල්ලයි

මහමැතිවරණයක් හෝ ජනමත විචාරණයක් පවත්වා පවතින ගැටලුකාරී තත්ත්වය විසඳාගතයුතු යැයි ත්‍රෛනිකායික මහා සංඝ රත්නය වෙනුවෙන් තමන් ප්‍රකාශ කරන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි සඳහන් කළේය.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ ඊයේ(18) පැවති ආගමික උත්සවයක් අමතමින්ය.

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ වාර්ෂික කඨින පුජෝත්සවයට සමගා මීව ආගමික වැඩසටහන් මාලාවක් පැවති අතර ඊයේ පැවති කඨින චීවර පූජාව සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගීවී සිටියේය.

මේ අතර කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් විරෝධතා පැවැත්වුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *