මැකෝගේ නියෝගය ඉල්ලා අස් කර ගත යුතුයි — නිමල් ලාන්සා

මැකෝගේ නියෝගය ඉල්ලා අස් කර ගත යුතුයි
— නිමල් ලාන්සා

කටාන විජයසුන්දරගම පැවති ජන හමුවක් අමතා ඔහු එසේ ප්‍රකාශ කළේ ය.

මැතිවරණ කොමසාරිස්තුමා වැඩ බලන පොලිස්පති තුමාට නියෝගයක් දීලා තියෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයුතු මැතිවරණය නිමා වනතුරු නවත්වන්න කියලා. එතුමා කොහොමද එ්ක නවත්වන්නෙ? ඒක ඉතාමත්ම අයුක්තිසහගත හා අසාධාරණ ක්‍රියාවක්. මැතිවරණ කොමිසමේ මේ ක්‍රියාදාමය අපට පිළිගන්නට බෑ. අපේ රටේ අහිංසක මිනිස්සු තුන්සියයක් මැරෙන්න ඇරපු යහපාලන ආණ්ඩුවේ නායකයෝ පරීක්ෂණයට කැඳෙව්වාම මැකෝ කියනවා ඒ පරීක්ෂණ ඡන්දය ඉවර වෙනතුරු කන් නවත්තන්න. අර අහිංසක මිනිස්සුන්ගෙ පවුල්වල අය බලාගෙන ඉන්නවා තමන්ට වෙච්චි වෙච්ච විනාශයට සාධාරණයක් ඉෂ්ඨ වෙනකල්. තේරීම් කාරක සභාවෙන් කරපු පරීක්ෂණය ගැන රටම දැන ගත්තා. ඒක නඩු අහන එකක් නෙමෙයි. ඒ නිසා මැකෝගේ ඒ නියෝගය ඉල්ලා අස්කර ගන්න කියලා අපි කියනවා යයි ගම්පහ මන්ත්‍රී ධුර අපේක්ෂක නිමල් ලාන්සා මහතා කටාන විජයසුන්දරගම පැවති ජන හමුවක් අමතා ප්‍රකාශ කළේ ය.

ලාන්සා මහතා රැස්ව සිටි පිරිස අමතමින් මෙසේද කියා සිටියේය.

ඔබ කටානේ ජීවත් වුණත්, නාගරික අවශ්‍යතා වෙනුවෙන් යන්නේ මීගමු නගරයටයි. එනිසා ඔබට මීගමුව ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. මීගමුව එදා ඉඳලාම එක්සත් ජාතික පක්ෂයට බර ආසනයක්. පසුගිය ජනාධිපතිවරණයේදී කටානත් මුළු ලංකාවත් පොහොට්ටුව දිනද්දී මීගමුව ඡන්ද 12000 කින් පරාජය වුණා. ඒත් මම ඉල්ලන හැම වතාවකදිම මීගමුව දිනනවා. මම නො ඉල්ලපු හැම වතාවකදීම මීගමුව පැරදුනා.

මම අවුරුදු විසි හතක් තිස්සේ දේශපාලනය කරනවා. මම ඡන්ද පාර දාස් හයසියයක් ලබා නගර සභාවෙන් දේශපාලන ජීවිතය පටන් අරන් ජාතික තලයේ දේශපාලනයේ දී ඡන්ද 106000 ක් ලබා ගන්නවා. තනතුරු පැත්තෙන් බැලුවාම නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් දේශපාලන ජීවිතය පටන් අරන් අද වෙනකොට ගෝටාභය ජනාධිපති තුමාගේ රජයේ අමාත්‍ය ධූරයක් දක්වා දිග ගමනක් ඇවිත් සිටිනවා. නායකයෝ තනතුරු නිකම්ම දෙන්නේ නෑ. එකේම දෙන්න ඉලක්ක සපුරලා වැඩ කරන්න ඕනැ. වැඩ වලට කැප වෙන්න ඕන.

එක කාලෙකදි මට පක්ෂයෙන් දෙනවා ඉලක්කයක් අවුරුදු පනස් හයක් තිස්සේ අපට දිනා ගන්න බැරුව තිබුණු පස්සර ආසනය දිනවල දෙන්න කියලා. මම ගිහිල්ලා දිනවලා දෙනවා. මම පුත්තලමටත් ගියා. මම යාපනයටත් ගියා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ෂයට දිනා ගන්නට බැරි වෙන වත්තලත්, මීගමුවත් මට බාර දීලා තිබෙනවා. ඒ නිසයි මට පක්ෂය සලකන්නේ. එහෙම කැපවීමෙන් වැඩ කරන අයටයි පක්ෂය සලකන්නේ. 2010 – 15 කාලයේදි රටේ මහා මාර්ග පද්ධතිය විප්ලවීය ලෙස සංවර්ධනය වෙද්දි, ආසියාවේ ආශ්චර්යය කියන තේමාවක් ඔස්සේ වැඩ කරද්දී මහින්ද ජනාධිපතිතුමාගෙන්, බැසිල් මහත්තයාගෙන් යම් ව්‍යාපෘතියක් ලැබුණා නම් ඒ හැම එකක්ම ක්‍රියාත්මක කෙරුණේ මගේ නායකත්වයෙන්. මම පාර්ලිමේන්තුවේදී ඇහුවා මම තරම් වැඩ කරපු වෙනත් මන්ත්‍රීවරයෙක් ඉන්නවනම් කියන්න කියලා. මොකද වෙන කෙනෙකුට එහෙම අහන්න බෑ.

කට අනේ ඉන්න සමහර අය කතා කරන්නේ කටානට ලොකු වැඩක් කරපු අය වගේ. එයාලා කටාන ආසනය කරපු එක වැඩක් පෙන්වන්න කියලා මම අභියෝග කරනවා. මේක මීගමුවේ වුනාට 2010 – 15 සංවිධායිකාව වෙලා හිටපු සුදර්ශනී මැතිනිය පාරක් තොටක් හදන්න, මාතෘ සායනයක් හදන්න, වුණත් බැසිල් ඇමැතිතුමාගෙන් ඉල්ලුවාම ඒ වැඩේ බාර දෙන්නෙත් මටයි. ඒ නිසා වෙන කෙනෙක්ට කොහොමත් කියන්න බෑ කටානට වැඩ කළා කියලා. දිවංගත ජෙයරාජ් ඇමතිතුමා කටානට වැඩක් කලා කිව්වොත් ඒක පිළිගන්න පුළුවන් ඇත්ත කතාවක්. වෙන කවුරුවත් වැඩක් කරලා නෑ. කරපු කෙනෙක් ඉන්නවනම් පෙන්නන්න කැර මම අභියෝග කරනවා.

ඔබේ ළමයි ඉස්කෝලේ යන්නේ මීගමුවට. ඩෙංගු හැදුනාම යන්නේ මීගමුව රෝහලට. නැත්නම් කොළඹට දුවන්න වෙනවා. ඔබේ සේවා සැපයුම් ස්ථානය තමයි මීගමුව. එහෙම බැලුවම මීගමුවත් කටාන ආසනයත් හා බද්ධ වෙලයි මේ ගමන යන්නේ.

දැන් සමහරු කටාන ආසනයෙ මනාප තුනම වෙන් කරගෙන. මීරිගම ඉන්න එක්කෙනා මීරිගම මනාප තුනම වෙන්කරලා. මිනිස්සු ඡන්දය දෙන්න ඕන සංවිධායක කියන විදිහට. දියුලපිටිය සංවිධායකතුමා කියන විදිහට තමයි ඒ මිනිස්සු ඡන්දෙ දෙන්න ඕන. කටාන සංවිධායක තුමාත් එහෙම කියනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඔබට අයිතියක් නැද්ද ඔබ කැමති කෙනෙකුට ඡන්දය දෙන්න? කාටත් බල කරන්න බෑනේ. දැන් කැලණිය දක්වාම ඕක තමයි කරල තියෙන්නෙ. ඡන්දය දීමේ නිදහස ලබා ගන්න වෙලා තියෙනවා ඔක්කෝටම ඉස්සර. ආසනයට වැඩක් කරපු කෙනෙක් නම් කළා නම් ඒත් කමක් නෑ.

කටානේ ජල යෝජනා ව්‍යාපෘතියත් මම මැදිහත් වෙලායි සුදර්ශනී මැතිනියට දුන්නේ. කටානේ කිලෝ මීටර් සියයකට වැඩිය කොන්ක්‍රීට් පාරවල් මම හදලා දීලා තියෙනවා. අපි එහෙම වැඩ කරනවා. ඒ නිසා නායකත්වය අපට හැමදාම ආශිර්වාද කරනවා.

වැඩ කරන ක්‍රමවේදය අපි රටට ඉගැන්නුවා. මාර්ග ඇමති වෙලා ඉන්න කොට මම මාර්ග විතරක්ම හැදුවේ නෑ. පුළුවන් තරම් දුප්පත් මිනිසුන්ට උදව් පදව් කළා. ස්වයං රැකියා පටන් ගන්න පුළුවන් තරම් පෞද්ගලික අැප මත ණය දුන්නා. අපි වැඩ කරද්දි අනිත් දේශපාලකයෝ අපට බොරු චෝදනා කළා මට ගැහුවා. එ් ඔක්කෝටම කළකම් පල දුන්නා. රන්ජන් රාමනායක විතරයි ඉතුරු උනේ. ඒත් එයත් තුන් පාරක් හිරේ ගියා.

ඔවුන්ට සොබා දහමින් දඬුවම් ලැබෙනවා. පින් දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මිනිස්සු. ඉදිරියේ මම පටන් ගත්තේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට ස්වයං රැකියාව පටන් ගන්න අැප රහිත ණය මුදල් ලබා දෙන්න. දිවුලපිටියේ අර මිනිසුන් මැරුණාම එකම මළ ගෙදරකටවත් නොගිය රන්ජන් රාමනායක සේයා දැරියගේ මළ මිනියත් විකුණුවා ටීවී එකේ ජනප්‍රිය වෙන්න. ඒත් අපි ඒ වගේ මිනිස්සු නෙමෙයි. අපි ඔබේ ඡන්දය අරන් උදේ හයේ ඉඳලා පැය දහඅටක් දහනවයක් වැඩ කළත්, ගෙදරදි හම්බෙන්න පුලුවන් වුණත්, රන්ජන් රාමනායකලා ඔබේ ඡන්දයත් අරන් කොළඹට යනවා.

තේරුම් ගන්න ඕන ඔය සරළ සත්‍ය විතරමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *