මාවනැල්ලේ සල්ලි දන්සැලක්

මිය ගිය ඥාතීන්ට පිං පිණිස සල්ලි දන්සල

බොහෝ අය මේ සමයේ දනට පිණට බොහෝදේ දෙනවා ඒ අතරේ මාවනැල්ල ප්‍රදේශයේ අපූරු දන්සලක් තිබුණා ඒ සල්ලි දන්සලක් මේ දන්සල දුන්නේ වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රි ඉදුනිල් ශාන්ත ගුණසේකර මහතා සිය නිවස ඉදිරිපිට සල්ලි දන්සලක් පැවැත්වීමට කටයුතු කලා

මෙම දන්සල ආරම්භ වූයේ පෙරවරු 09.00 වන අතර මුදල් ලබා ගැනීම සදහා දීර්ඝ පෝලිමක් දක්නට ලැබින.එක් පුද්ගලයෙකුට රුපියල් 100 බැගින් මුදල් බෙදා දීමට හිටපු මන්ත‍්‍රීවරයා එහිදී කටයුතු කලේය සබරගමුවේ හිටපු ප‍්‍රථම වතාවට මෙවැනි දන්සැලක් පවත්වා ඇති බවද මෙහිදි දැන ගැනිමට හැකි වු අතර ලංකාව තුලද මාධ්‍ය මගින්වත් මෙවැනි දන්සලක් තමන් මිට කලින් දැක නැති බවද මෙම දන්සලට එක්ව සිටි ජනතාව පවසයි. සිය දෙමාපියන්ට සහ සිය පවුලේ මිය ගිය ඥාතීන්ට පිං පිණිස සල්ලි දන්සල පැවැත්වූ බව කියයි

මේ සමයේ දනට පිණට බොහෝදේ දෙනවා හැම තැනම විවිධ දන්සල් තියෙනවා. මට මතකයි අපි පුංචි දවස් වල වෙසක් පෝය දවසේ මෙ අවට ඇවිදින්න ගියපුවාම සමහර වේලාවට අපිට සල්ලි ඔනෑ වෙනවා. ඉතින් ඒ වාගේ අවස්ථාවන් වලට රුපියල් 100 කින් හරි මුදලක් තියෙනවා නම් ඒ වේලාවට වටිනනවා. ඒ නිසා තමයි අපි මෙ හැම කෙනෙකුටම අපි සල්ලි දෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *