මාවනැල්ලේ ගම් කිහිපයක පවුල් 6000 ක් උද්ඝෝෂණයක

මාවනැල්ලේ ගම් කිහිපයක පවුල් 6000 ක් උද්ඝෝෂණයක

මාවනැල්ලේ ගම් කිහිපයක පවුල් 6000 ක පිරිසකට ජල සම්පාදනයෙන් ජලය නොලැබෙන බව පවසමින් එම ජනතාවගෙන් පිරිසක් අද 10 කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ මාවනැල්ල හිගුල අලූත්නුවර නගරයට හැරෙන ස්ථානයේ සමකාමී උද්ඝෝෂණයක් පවත්වා පා ගමනින් මාවනැල්ල ජල සම්පාදන මණ්ඩලය දක්වා ගමන් කොට ජල අර්බුදයට කඩිනම් විසදුමක් ලබා දෙන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටියා.

දැනට මෙම ජල අර්බුදයෙන් පිඩා විදින ගම්මාන වන්නේ මණ්ක්කාවත්ත, කැකිරිගොඩ,ගල්ලෑල්ල, බුලූව, දෙල්ගහගොඩ, ඉඩම්පිටිය, වැත්තෑව,වෙලේකඬේ යන ගම්මානයි. ජනතාව පවසන්නේ එම ගම්මාන වල පවුල් 6000 ක් පමණ මෙම ජල අර්බුදයෙන් පිඩා විදින බවයි. ජල සම්පාදන මණ්ඩලයෙන් ඔවුන් කාලයක් තිස්සේ ජලය ලබා ගෙන ඇති අතර දැනට වසර දෙකක සිට එම ජල නල වලින් ජලය නොලැබෙන බව ජනතාව කියයි. නමුත් සෑම මසකම ජල සම්පාදනයේ බිල් පත් වලට මුදල් ගෙවන බව ඔවුන් කියති.

මෙම ගම්මාන වලට යන ප‍්‍රධාන මාර්ගයේ ජල සම්පාදනයේ ජල නල තුනක් තිබෙන අතර ඒවායින් නියමිත ලෙස ජලය බෙදා දිමේ ගැටලූවක් ඇති බව ඔවුන් පෙන්වා දෙයි. මෙ වෙනුවෙන් සියලූ වගකිව යුතු අංශ දැනුවත් කර මුත් ඒ වෙනුවෙන් විසදුම් නොමැති හෙයින් උද්ඝෝෂණයක් සිදු කර මෙ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවදානය යොමු කර ජල පිඩාවෙන් සහනයක් ලබා ගැනිමට මෙලෙස සමකාමි උද්ඝෝෂණයක් සංවිධායනය කර බව ජනතාව පවසති.

උදෑසන 9.00 ට පමණ හිගුල මං සන්දියේ කොළඹ නුවර ප‍්‍රධාන පාර අද්දර උද්ඝෝෂණය පැවැති අතර තරමක ප‍්‍රධාන මාර්ගයේ වාහාන තදබදයක් දක්නට ලැබුණි. පොලිසිය විසින් එම ස්ථානයේ යම් මහජන පිඩාවක් සිදු වි වාහාන ගමනාගමනයට බාධා සිදු වෙයැයි සිතා ආරක්ෂාව තහවුරු කර රථ වාහාන පාලනය කිරිම සිදු විය. පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය විසින් ජනතාවට පැවසුයේ ආදාල ගැටලූව සම්බන්ධයෙන් මාවනැල්ල කෙරමිණිය ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගොස් නිලධාරින් සමග සාකජ්ජාවක් සිදු කර විසදුමකට එන ලෙසයි.

ඒ අනුව කිලෝමිටර් 2 ක ට ආසන්න ප‍්‍රමාණයක් හිගුල මං සන්දියේ සිට කෙරමිණිය ජල සම්පාදන මණ්ඩලය දක්වා පා ගමනින් පැමිණි ජනතාව ජල සම්පාදනයේ ප‍්‍රධාන ගෙට්ටුව අසල උද්ඝෝෂණයේ නිරත විය. පසුව ගම්වාසින් 5 දෙනෙකුට නිලධාරින් සමග සාකජ්ජාවට අවස්ථාව ලබා දුන් අතර නිලධාරීන් පැවසුයේ මෙ ජනතාවගේ ජල ගැටලූව වෙනුවෙන් එම ජල නල වලට සිකුරාදා සහ සදුදා දිනයන්හිදි ජලය ලබා දෙන බවයි.

ඒ.එම්. පේ‍්‍රමවති.
දරුවෙකු නාවාගන්න බොන්න රෙදි ටිකක් සෝදා ගන්න අපිට වතු නැහැ වතුර ගෙන්න ගොඩාක් දුර යන්න ඔනෑ අපිට හැමදාම මෙ පිඩාව විදින්න බැරි නිසා තමයි වතුර දෙන්න කියලා මහ පාරට බැස්සේ.

ඉඩම්පිටියේ මහින්දපාල
මම වතුර අරන් අවුරුදු 25 ක් වෙනවා. නමුත් දැනට වසර දෙකක ටිට අපිට ජල සම්පාදන මණ්ඩලයේ ජල නල වල ජලය එන්නේ නැහැ. අපි අවුරුදු දෙකක් තිස්සේ වතුර එන්නේ නැතිව ජල සම්පාදනයට බිල් ගෙවනවා අපි වතුර නැහැ අපිට වතුර දෙන්න කියලා ජල සම්පාදනයට හැමදාම කියනවා. ඒ විතරක් නොවෙයි දේශපානඥයින්ට කිවා නමුත් අපිට තාම වතුර නැහැ. හැමදාම දෙනවා කියනවා අසුපිණි ඇල්ලේ ව්‍යාපෘතියෙන් දැන් අවුරුදු ගාණක් ගියා ඒ ඇල්ලෙන් දෙන වතුරකුත් නැහැ. අපි ජනාධිපතිතුමාට අගමැතිතුමාට පවා කිවා. අපි කුලි වැඩ කරලා හවස ඇවිත් වතුර අදින්න ඔනෑ අපේ දරුවන්ගේ කරවල් වතුර හැදලා ගන්න දෙයක් නැහැ පුදුම දුකක් විදින්නේ වතුර නිසා යැයි පැවසීය.
මෙම උද්ඝෝෂණය 12. 30 පමණ අවසන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *