මාලිගාවත්තේ වෙඩි තැබිමක්
මාලිගාවත්තේ වෙඩි තැබිමක්
මාලිගාවත්ත වයි.එම්.එම් මංසන්ධියේදී අද (20) පස්වරු 4ට පමන සිදුවූ වෙඩි තැබීමකින් 23 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිනි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර, තුවාල ලැබූ තරුණයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.
පසුගිය සැප්තැම්බර් 12 වනදා මාලිගාවත්ත – ලක්සෙත සෙවන මහල් නිවාස අසළදී ද වෙඩි ප්රහාරයකට ලක්ව තුවාල ලැබුවේ මෙම තරුණයා බව පොලීසිය සඳහන් කළේය.
අද දෙරණ