මාධ්‍ය වහ කදුරු වු–මදුරුවෙක්වත් නොමරණ විමලවීර දිසානායක.

මාධ්‍ය වහ කදුරු වු–මදුරුවෙක්වත් නොමරණ විමලවීර දිසානායක.

මේ අතර මුළු අයවැය වාද විවාද පුරාම කැපී පෙනෙන ද්වන්ධ වාද කීපයක්ම තිබුණි. ඒවා අතර සරත් ෆොන්සේකා හා සරත් වීරසේකර වාදය, සරත් ෆොන්සේකා හා මහින්දානන්ද වාදය, සරත් ෆොන්සේකා හා මනෝ ගනේෂන් වාදය, රන්ජන් රාමනායක හා මහින්දානන්ද වාදය, විජිත හේරත් සහ අලි සබ්රි වාදය, හරින් ප‍්‍රනාන්දු හා චාමර දසනායක වාදය, තලතා ජොන්ස්ටන් වාදය ආදිය කැපී පෙනෙන ඒවා විය. මේ අතර වනජීවී විෂය භාර අමාත්‍ය විමලවීර දිසානායක පසුගිය සතියේ කරන ලද කතාවක් ද කැපී පෙනුන එකක් විය. ඔහු ඔහුගේ කතාවේ දී මේ රටේ මාධ්‍යවලට ද මාධ්‍යවේදීන්ට ද දැඩි ලෙස ප‍්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය. විමලවීර ඇමැතිවරයා එම කතාව කළේ අයවැයට අදාළ ලෙස නොවේ, මීට සති කීපයකට පෙර පොළොන්නරුවේ දී තමන් හා වනජීවී නිලධාරීන් අතර වූ සිද්ධිය හා අදාළවය.

‘‘මම අවුරුදු හතළිහක් අම්පාරේ ඉලූක් පැළක ජීවත් වුණු, උම්බලකඩ කෑල්ලක් නොකන, මදුරුවෙක් වත් නො මරණ විමලවීර දිසානායක. ඔය වනජීවී නිලධාරියොයි පරිසර සංවිධානයි, මාධ්‍යයි මාධ්‍යවේදියෝයි ඔක්කොම එකතුවෙලා එහෙව් විමලවීර දිසානායක භයානක අපරාධකාරයෙක් කළා. වන සතුන්ට ආදරේ නැති වනයට ආදරය නැති පරිසරයට ආදරය නැති අමනුෂ්‍යයෙක් බවට පත් කරලා ඉවරයි. මේ මදුරුවෙක්වත් මරන්නේ නැති විමලවීර දිසානායකව.

මොකක්ද මම කරපු වරද. මොකක්ද මම මෙයාලට කිව්වේ. මම කිව්වේ මිනිස්සු කීප දෙනෙක් ඇවිල්ලා මට නඩුවක් කිව්වම, ඒගොල්ලන්ගෙ හරක් කැලේ ඇතුළේ ඉන්නවා, එවුන් බලාගන්න වනජීවී නිලධාරීන් යන්න දෙන්නෙ නෑ කිව්වාම මම කිව්වේ ඒ මිනිස්සුන්ට යන්න දෙන්න කියලා විතරයි.

නිලධාරීන් කිව්ව, යන්න දෙන්න බෑ. ඒ මිනිස්සු දඩයමට තුවක්කු අරන් යනවා කියලා.

තුවක්කුව අරන් යනවා නම් නිකන් ඉන්න එපා අල්ලන්න. අල්ලලා උසාවි දාන්න. හිරේ දාන්න කියල මම කිව්වා. එච්චරයි නෙවෙයිද මම කිව්වේ.

මෙන්න ඒකට මාධ්‍ය ගෙන්නලා, මාධ්‍ය සන්දර්ශන දාලා, වීඩියෝ කරලා මාව භයානක අපරාධකාරයෙක් කළා.

මොකද මේ ගොල්ලොත් කැමති නෑ. මාධ්‍ය කැමති නෑ මම වගේ ලාම්පු කුප්පියෙන් ඉගෙන ගත්ත, අරක්කු නොබොන මස් මාළු නොකන උම්බලකඩවත් නොකන විමලවීර දිසානායකලා පාර්ලිමේන්තුවේ ඉන්නවාට. මාධ්‍යකාරයාට නිකන් කැතැයි කැතැයි වගේ. සමහර විට මම ගැන මීට පස්සේ මාධ්‍යවල දාන එකක් නෑ. ඒකට කමක් නෑ. මම මාධ්‍යවලට බය නෑ. මම මාධ්‍යවලින් හැදුණු මිනිහෙක් නෙවෙයි. මම මිනිස්සු අතරින් ආපු මිනිහෙක්. මම මදුරුවෙක්වත් නොමරණ විමලවීර දිසානායක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *