මාධ්‍ය ජාල අවහිරය රජය වහාම ඉවත් කළ යුතුයි—පාඨලී චම්පික රණවක

මාධ්‍ය ජාල අවහිරය රජය වහාම ඉවත් කළ යුතුයි—පාඨලී චම්පික රණවක

සමාජ මාධ්‍ය ජාල අවහිරය රජය වහාම ඉවත් කළ යුතු යෑයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, මහ නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (13 දා) සඳහන් කළේය.

මෙම මාධ්‍ය ජාලා අවහිර කිරීමට හේතු වූ කලබලකාරී සහ ගැටුම් සහගත තත්ත්වය මේ වන විට අවසන් ව ඇති බවත් එහෙයින් එම අවහිරතා ඉවත් කිරීමට රජය කඩිනමින් පියවර ගත යුතු බවත් හෙතෙම පැවැසීය.

සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් ආගම්වාදී, වර්ගවාදී, ගැටුම් ඇතිවන අයුරින් ප්‍රචාරක කටයුතු කරන අයවලුන්ට දැඩි දඬුවම් ක්‍රියාත්මක කළ යුතු යෑයි පැවසූ හෙතෙම ඔවුන්ට පවතින නීති යටතේ හෝ නව නීති සම්පාදනය කර දඬුවම් ලබා දිය යුතු බවත් අවධාරණය කළේය.

පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ඊයේ එම අදහස්‌ පළකළේ බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *