මාතර කොල්ල කරැවන්ගේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ 9ක් පොලිස්පතිගේ පැසැසුමට

මාතර කොල්ල කරැවන්ගේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ 9ක් පොලිස්පතිගේ පැසැසුමට

පාතාල කල්ලි සාමාජිකයින් හා පොලිසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සිවිල් වැසියන් 9 දෙනෙකු ඇගයීම සඳහා රුපියල් පනස් දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් (26) සිදු කෙරිණි.

මාතර පොලිස් අධිකාරී කාර්යාල දී මෙම ඇගයීමේ උත්සවය පැවැත්විනි. කොල්ලකරුවන් ගැන සැක සිතී ඔවුන් පැමිණි යතුරු පැදි නවතා තිබූ ස්ථාන වලින් ඉවත් කර වෙනත් තැනකට ගෙන ගොස් සඟවන ලද පුද්ගලයින් 4 දෙනෙකුද මෙහිදී ඇගයීමට ලක් වූ අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ත්‍යාග මුදල් පෞද්ගලිකව ලබා දීමට කටයුතු කර තිබුණි.ඊට අමතරව තුවාලකරුවන් රෝහල් ගත කිරීමට ක්‍රියා කළ එච්.ජී.ගයාන් චානක,ඒ.ජී ප්‍රභාත් ගාමිණි,ලොකුගේ මහේෂ් සුරංග,සුනන්ද ගුණසේකර හා දසුන් රංගන ගුණසේකර යන මහත්වරු 5 දෙනාට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතින් මුදල් චෙක්පත් ප්‍රධානය කෙරිණි.

මෙහිදී බරපතල තුවාල ලබා සිටි පොලිස් සැරයන් වරයෙකු තනිවම තම දෑතට ගෙන ඔහුගේම වෑන් රථයෙන් මාතර මහ රෝහලට රැගෙන ගිය අහංගම එච්.ජී.ගයාන් චානක මහතාට ලබා දුන් රුපියල් පන් දහසක මුදල ඒ මහතා මාතර මහ රොහලේ රෝගීන්ට හා ආබාධිත පොලිස් නිලධාරීන්ගේ සුබ සාධනය සඳහා යලි ලබා දීම සිදුවිය.මේ සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්.ප්‍රනාන්දු හා මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන යන මහත්වරු ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *