ගාල්ලේ මළ ගෙවල් ඇතුලුව ගෙවල් රැසක් ගංවතුරින් ගිල ගනිති.
පවුල් රැසක් අසරණයි.
ගාල්ල නගරයට 12 දින රාත්‍රි යේ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව සමඟ ගාල්ල නගරය ආශ්රිත පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි. මෙම වර්ෂාව නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කඩවත්සතර, අක්මීමණ, බෝපේ පෝද්දල හා බලපිටිය යන ප්‍රා දේශීය ලේකම් කාර්යාල සීමා වලට දැඩි අලාභ හානි සිදු වී තිබිණි.
ගාල්ල වැඩ බලන දිසාපති ප්‍රදීප් රත්නායක මහතා පවසන පරිදි 13 මෙම ප්‍රා දේශීය ලේකම් කාර්යාල සීමා හතර තුල පවුල් 1960 කට අයත් ජනතාව 7736 දෙනෙකු පීඩාවට පත් වී ඇත. මෙයින් ගාල්ල කඩවත්සතර ප්‍රා දේශීය ලේකම් කාර්යාල සීමාව තුල පවුල් 1509 කට අයත් සාමාජිකයින් 6061 ක් ද බෝපේ පෝද්දල පවුල් 92 කට අයත් සාමාජිකයින් 406 ක් ද,බලපිටිය පවුල් 180 කට අයත් සාමාජිකයින් 560 ක්ද අක්මීමණ පවුල් 179 කට අයත් පවුල්709 ක් ලෙස වෙයි. එසේම දිස්ත්‍රික්කය තුල නිවාස හාදි වීම් 150 ක් ද පස් කදු කඩා වැටීම් 20කට ආසන්න ප්‍රමාණයක් ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි. කෙසේ නමුත් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් පිසු ආහාර ලබා දීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබිණි.
මෙම ජල ගැලීම් තත්වය නිසා ගාල්ල දංගෙදර , ගල්වඩුගොඩ, කනම්පිටිය, දේද්දුගොඩ,ඩික්සන් හන්දිය , සරෙන්තුකඩේ, ගාල්ල කොග්ගල කඩේ හන්දිය,සමඟිවත්ත, ඩිඩිස්වත්ත,කලේගාන හන්දිය, නුගදුව ඇතුළු ප්‍ර දේශ ජලයෙන් යට වී තිබිණි. මොරගොඩ ඇල පිටාර ගැනීම නිසා මෙම තත්වය ඇති වී තිබිණි.
මෙම ජල ගැලීම් තත්වය නිසා අදාල ප්‍ර දේශ වල ජනතාව දැඩි අපහසුතාවයට පත් වී තිබිණි.
කෙසේ නමුත් 12 දින පෙරවරු 8.00 සිට 13 දිනපෙරවරු 6.00 දක්වා මී.මී 166.7ක පමණ වර්ෂාපතනයක් ලැබුණු බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ගාල්ල කාර්යාලය සඳහන් කරයි.
කෙසේ නමුත් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ දම්පත් රත්නායක මහතා පවසා සිටියේ මෙය සුළු ගං වතුර තත්වයක් බවයි.