මහ බැංකු වංචාවට සම්බන්ධ අය රටට හෙලිවෙයිද????

මහ බැංකු වංචාවට සම්බන්ධ අය රටට හෙලිවෙයිද????

ඉදිරි සතිය තුළ මහ බැංකු වංචාවට සම්බන්ධ තවත් නම් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අද(27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එම නම් ලැයිස්තුව මඟින් අදාළ වංචාවට සම්බන්ධ තවත් බොහෝ පිරිසක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වනු ඇති බවයි.

මහබැංකු වාර්තාව සතියකින් එළියට එන විට නෝනලා මහත්තුරු කීදෙනෙක් එයට වගකිව යුතු ද යන්න දැක ගත හැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

අද වන විට තැනින් තැන එක්සත් ජාතික පාක්ෂිකයින් උද්ඝෝෂණ පවත්වන බවත්, මහබැංකු වංචාවට සම්බන්ධ පුද්ගලයින් හෙළි වු විට එයත් නතර වී යනු ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

මේ හේතුව නිසාවෙන් ජනාධිපතිවරයා ද පසුගිය දා ජීවිතේ ඇති තෙක් නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් නොකර බව පැවසූ බව ද කියා සිටි ලක්ෂ්මන් යාපා මහතා, මොවුන්ගේ පාලනයක් තිබුණේ නම් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට සෙංකෝලය කරේ තබා ගනිමින් ක්‍රියා කරන බව ද කියා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *