මහේන්ද්‍රන් සමග කිසිම සම්බන්ධයක්‌ නැති නිසා ඔහු යළි ගෙන්වන්න බැහැ – අගමැති

මහේන්ද්‍රන් සමග කිසිම සම්බන්ධයක්‌ නැති නිසා ඔහු යළි ගෙන්වන්න බැහැ – අගමැති

මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූ පසුව තමන් අර්ජුන් මහේන්ද්‍රන් සමග කිසිදු සම්බන්ධතාවක්‌ නොපැවැත්වූ බැවින් ඔහු නැවත මෙරටට ගෙන්වීමට නොහැකි යෑයි අගමැතිවරයා පවසා ඇත.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධව ජාත්‍යන්තර වරෙන්තු ලබ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සමග අදටත් සමීප සම්බන්ධතා පවත්වන හිට්‌ලර්ගේ සොහොයුරාට නම් වීරතුංග මහතා මෙරටට ගෙන්වීමට කිසිදු බාධාවක්‌ තිබිය නොහැකි බවද ඊයේ (26 දා) කැබිනට්‌ රැස්‌වීමෙන් පසුව එක්‌සත් ජාතික පක්‍ෂ ඇමැතිවරුන් පිරිසක්‌ සමග අගමැතිවරයා පවසා තිබේ.

හිට්‌ලර්ගේ සොහොයුරා මැදිහත්ව උදයංග වීරතුංග මහතා මෙරටට නොගෙන් වුවද රජය යොදා ඇති වැඩපිළිවෙළ නිසා ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තුකරු අත්අඩංගුවට ගෙන මෙරටට භාරදෙනු ඇතැයි හෙතෙම එහිදී පවසා ඇත.

ජාත්‍යන්තර වරෙන්තුකරුවන් සමග හිට්‌ලර්ගේ සොහොයුරා නිතර සම්බන්ධතා පැවැත් වුවද තමන් එලෙස කිසි විටෙකත් ක්‍රියා කරන්නේ නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී එජාප ඇමැතිවරුන්ට වැඩිදුරටත් පවසා තිබේ.

උපුටාගැනිම–දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *