මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට උනන්දු නොවන්නේ සල්ලි බෙදූ ලැයිස්‌තුව හෙළි වන නිසයි – මහින්ද රාජපක්‌ෂ

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට උනන්දු නොවන්නේ සල්ලි බෙදූ ලැයිස්‌තුව හෙළි වන නිසයි – මහින්ද රාජපක්‌ෂ

අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට උනන්දු නොවන්නේ සිංගප්පූරුවේදී ඔහු සල්ලි බෙදාදුන් දේශපාලනඥයන්ගේ නම් ලැයිස්‌තුව හෙළි වන නිසා යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා “පැවැසීය.

අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට මෙහි ගෙන ඒමට ආණ්‌ඩුව උනන්දු නොවන බව ජනතාව හොඳින්ම දන්නා බව කී හිටපු ජනාධිපතිවරයා ආණ්‌ඩුව බලයට පත්වූ දවසේ සිටම කයිවාරු ගසන බවත් මේ දක්‌වා ආණ්‌ඩුව කළේ පලි ගැනීම් පමණක්‌ බවත් කීවේය.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මහා බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධානියා වන අර්ජුන මහේන්ද්‍රන් ප්‍රසිද්ධියේම නිදැල්ලේ සිටිනවා. ඔහු සිංගප්පූරුවේ සිsටින බව ආණ්‌ඩුව දන්නවා. ඔහු රැගෙන ඒමට උත්සාහයක්‌ ගන්නේ නෑ. මහේන්ද්‍රන් අත්අඩංගුවට ගත් දවසක ඔය කාගේ කාගේත් වැඩ හෙළි වෙනවා. ඒ ගොල්ලන්ට ආයෙත් දේශපාලනය කරන්න ලැබෙන්නේ නැහැ. ඔහු රැගෙන ඒමට උනන්දු වන්නේ නැත්තේ ඒ නිසායි.
උපුටා ගැනිම–දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *