මහින්ද රාජපක්ෂ ගිතා හා බැසිල් ගැන කී අමුතුම කතාන්දරය

නි. ඇමති මුතුහෙට්ටිගම

මහින්ද රාජපක්ෂත් ආවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කියලා එතුමාත් මතක තබාගත යුතු යැයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ගාල්ලේ  11 දින පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා කීය.

බැසිල් රාජපක්ෂ සිටින තාක්කල් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධය එක්කරන්න බෑ. ඒයා තමයි වැටගහගෙන ඉන්නේ. එයා සිටිනතාක් කල් මෙය සිදු කරන්න බෑ.අපි අවසානය දක්වා බලාපොරොත්තුවන වා අපි දෙපිරිස එකම පක්ෂයකින් එක්වෙලා මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ජන්දයට එන්න .අවසානය දක්වාම අපි එහෙම තමයි හිතාගන සිටින්නේ.දැන් පළාත් පාලන මැතිවරණය දුන්නා මෙන්න බයවෙලා දැන් වෙන වෙන කතා සමහරු කියනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු දවසක පලාත් පානමැතිවරණයට එජාප සමගින් එක්වෙන්නේ නෑ. එහෙම එක්උනහොත් අප ස්වාධිනව කණ්ඩායම් දමලා දිනනවා. එජාප සමග හවුලේ ආණ්ඩු කෙරුවට සියයට පනහක පනහ මොද නරක බෙදා ගත්තාට මේවර පලාත් පාලන මැතිවරණය තියද්  දී අපි කිසිසේත්ම එකඟ යන්නේ නෑ අලියා එක්ක දීගන්නේ නෑ. අපේ පක්ෂයේ එය තින්දුව නොවෙයි.

මහින් දරාජපක්ෂ ගේ මුහුන පෙන්නලා තමයි 40 දිනලා ආණ්ඩුවට ගියේ අපි නම් අපේ මුහුන පෙන්නලා. තමයි මහින්ද රාජපක්ෂත් ගමට ගෙනවාවේ. ඒ නිසා අපි කියන්නේ .එතුමා දින්නෙත් අපේ පක්ෂයෙන් ගිහිල්ල කියලා අපි විස්වාසයෙන් යුතුව කියනවා.එය අමතක කරන්න එපා කියලාත් අපි කියනවා.

ව්‍යවස්තා ලියවිල්ලක් නෑත ව්‍යවස්ථා බිල්ලෙක් නෑ

ආණ්ඩුව මේ වන විට ව්‍යවස්ථා මර උගුලක පැටලිලා සිටින්නේ. අපි කියන්නේ පාර්ලිමෙන්තුවේ දී මෙය සාකච්ජාකර නින්දුවක් ගත යුතුව තිබුනා.සියලුම පක්ෂ එක්වයි මෙය සිදුකරන්නේ තවම ව්‍යවස්ථාවක් සකස්කර ලා ද නෑ. විවිධ පක්ෂවල නායකයෝ අපේ මහනායක හිමිවරු නොමඟ යැව්වා.ව්‍යවස්තා ලියවිල්ලක් නෑත ව්‍යවස්ථා බිල්ලෙක් නෑ. මෙය සම්මුතියෙන් කතාකර රටට ගැලපෙන ආකාරයට සකස් කර ගනිමු.ලබන අවුරුද්දේ සකස් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටට ජනවාර්ගික ප්‍රශ්ණයට ගැලපෙන විසදෙන ජන්ද ක්‍රමයද වෙනස්වන නව ක්‍රමවේදයක් එනවා. එය සියලුම දෙනාගේ එකඟත්වයෙන් තමයි සිදුකරන්නේ.මුදල් වියදම් කරන්නේ නැති, මුදලට ජන්දගත නොහැකි ආකාරයේ පක්ෂයට රටට ජනතාවට ගැලපෙන ජන්ද ක්‍රමයක් තමයි සකස් කරන්නේ. පක්ෂය ගැලපෙන සාධාරන මැතිවරණ ක්‍රමයක් තමයි අපි යෝජනා කරන්නේ එන්නේ. විදෙස් රටවලට උවමනා ආකාරයට නොවෙයි අපට උවමනා ආකාරයට තමයි මේවා සිදුකරන්නේ.අපට අපේ රටට අපිම හදාගන්නා වු මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රමයක් තමයි අපි සකස් කරන්නේ.

මැතිවරණයට හොරෙන් තරඟ කළ ගීතාට හොඳ උත්තරයක් ලැබි තියනවා එයාට ජන්දය ඉල්ලන්න සුදුසුකම් නෑ.එහි ප්‍රතිපලය අවුරුදු දෙකයි මාස දෙකක් ගිහිල්ලා හරි විදගන්න හැකි උනා.ගිතා වාගේ අයට බොරුවෙන් ජීවත් වු අයට අධිකරණයෙන්ම නියම දඩුවම ලැබිලා තියනවා කියලා මම කියනවා.පියසේන ගමගේ මන්ත්‍රි තුමා තමයි දැන් පාර්ලිමේන්තුවට එන්නේ එතුමාට ඇමති කමක් ලැබෙවි කියලා අපි හිතනවා. ලැබිය යුතුයි කියලා කියනවා. එය එතුමාට සුදුසුයි කියලා තමයි කියන්න තියෙන්නේ.

එකාබද්ධයට එන්න කීවා ආවේ නෑ විවිධ කතාන්දර කියනවා. අවසාන වශයෙන්ද කියනවා එන්න කියලා ආවේ නැති නම් අපි තනියම තරඟ කරනවා.අපි බහුතරයක්ම දිනනවා.මේ මැතිවරණයේ දි මහින්ද හෝ මෛත්‍රි ගමට එන්නේ නෑ පක්ෂව පාට බලන්නේ නෑ.බලන්නේ ගමේකමට ගමේ වැඩක් කළ හැකි අයෙක් විතරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *