මහනුවර තත්ත්වය සාමකාමීයි – ආරක්ෂාව තවදුරටත්

මහනුවර තත්ත්වය සාමකාමීයි – ආරක්ෂාව තවදුරටත්

මහනුවර ප්‍රදේශයේ තත්ත්වය මේවන විට ඉතා සාමකාමී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.
ඊයේ සහ අද දිනයේ කිසිඳු සිදුවීමක් වාර්තා නොවන බවත් මහනුවර ආරක්ෂාව සඳහා පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව යොදවා ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර මහනුවර ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 161 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින්ද සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බවත් ඒ අනුව මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 230 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *