මහනුවර ගැටුමේ මහසෝන් බළකායේ ප්‍රධානියා අල්ලයි; 

මහනුවර ගැටුමේ මහසෝන් බළකායේ ප්‍රධානියා අල්ලයි;

මහනුවර ප්‍රදේශයේ ජාතිවාදී ගැටුම්වලට නායකත්වය දුන් බව කියන විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහ නමැත්තා ඇතුළු සැකකරුවන් දස දෙනකු ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය මගින් ඊයේ (8 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු මහසෝන් බළකාය නැමැති වෙබ් අඩවිය මෙහෙයවූ තැනැත්තා බවද හෙළිවී තිබේ. මෙම පිරිස දිගන ප්‍රදේශයේ ස්‌ථාන කීපයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

මහනුවර ප්‍රදේශයේ ජාතිවාදී අරගලයක්‌ ඇතිකර රටේ විවිධ ප්‍රදේශවලින් තරුණයන් කැඳවා නිවාස, වෙළෙඳ සල් හා ආගමික ස්‌ථාන ඇතුළු දේපළ විනාශ කිරීමට ඔවුන් පෙළඹවූ බවට මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් කොළඹ ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය වෙත රැගෙන ගොස්‌ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කටයුතු යොදන බවද පොලිසිය පැවැසීය.

මෙම ජාතිවාදී අරගල ඇති කිරීමට නායකත්වය දුන් දේශපාලනඥයන් කීප දෙනකු ඇතුළු තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය පුළුල් විමර්ශනයක්‌ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *