මල්වතුහිරිපිටිය _බිරිඳ හා තුන් හැවිරිදි දියණිය ඝාතනය කළ පියා ගෙල වැලලාගෙන මරුට

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී සිය බිරිඳට තිබුණු ආයුදයකින් පහර දී ඝාතනය කර, දියණියගේ ගෙල සිර කර ඝාතනය කළ පුද්ගලයෙක් ගෙලවැලලා ගෙන මියගොස් තිබේ.

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ, අංක 6/15/1, කටහාන, හේ‍නේගම ලිපිනයේ පදිංචි මෙම සැකකරු නිවසේ වහලයට යෙදු ලණුවක ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇති බව මල්වතුහිරිපිටිය පොලීසියට ලද පණිවිඩයක් මත විමර්ශන සිදු කර ඇත.

ඊයේ(01) සවස 3.40ට පමණ මේ පිළිබඳ වාර්තා වී තිබේ.

සැකකරු වයස අවුරුදු 37 ක් ,ඝාතනය වු කාන්තාව වයස අවුරුදු 28 ක් හා දියණිය වයස අවුරුදු 3ක් වන බව පොලීසිය පවසයි.

තිදෙනාම ඉහත ලිපිනයේ පදිංචිකරුවන් වෙයි.

මෘත ශරීර ගම්පහ රෝහලේ තැන්පත් කර තිබේ.

මල්වතුහිරිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *