විදේශයේ නිෂ්පාදිත සව්‍යංක්‍රීය රිවෝල්වරයක් සහ පතොරොම් තොගයක් නිට්ටඹුව පොලීසිය සොයා ගනි

මල්වත්ත මිහිදූ මාවතේ විදේශයේ නිෂ්පාදිත සව්‍යංක්‍රීය රිවෝල්වරයක් සහ පතොරොම් තොගයක් නිට්ටඹුව පොලීසිය සොයා ගනි

විදේශයේ නිෂ්පාදිත සව්‍යංක්‍රීය රිවෝල්වරයක් සහ පතොරොම් තොගයක් සවස නිට්ටඹුව මූලස්ථාන පොලීසිය විසින් සොයාගෙන ඇත.
පොලිස් වසමේ මල්වත්ත මිහිදූ මාවතේ නිවසක ගෙවත්තේ අකුලක ගිනි අවියක් සහ පාර්සලයක් අති බවට පොලීස් හදිසි ඇමතුම් අංකයට(119- ලද තොරතුරකට අනුව නිට්ටඹුව පොලිසියට ලද තොරතුරකට අනුව විසින් මෙම අවිය සහ පතොරොම් සොයාගෙන ඇත.
මීට දින කිහිපයකට පෙර මෙම නිවසේ ලිද කුලී තරුණයින් දෙදෙනෙක් විසින් ඉස ඇති අතර එහිදී ලිද තුල තිබූ ඉටි කොල වලින් සුරක්ෂිතව ආවරණය කර තිබූ මෙම පතොරොම් සහ ගිනි අවිය හමුවී ඇති අතර ඔවුන් බියවී ගිනි අවිය සහ පතොරොම් අඩංගු පාර්සලය අසල කැලෑ රොදට විසි කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙලිවි ඇත. පොලීසිය විසින් සොයාගත් මෙම ගිනි අවිය එංගලන්තයේ නිෂ්පාදිත 3 8 වර්ගයේ ස්ව්‍යංක්‍රීය පිස්තොලයක් සහ 9 ඒම් එම් වර්ගයේ පතොරොම් 8 ක් වේ. මෙම සව්‍යංක්‍රීය පිස්තෝලයේ පැහැදිලි අංකයක් සටහන්ව ඇති බවත් පොලිසීය පවසයි. පිස්තොලය ආරක්ෂක අංශ වලට අයත් හෝ කිසියම් අපරාධයක් සදහා භාවිතා කර ඇද්ද යන්න සොයා ගැනීම සදහා පොලීස් විමර්ශණ ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර නුදූරේදීම සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මයි.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් මත අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද මහතාගේ අධීක්ෂණයෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ” අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා ” උප පොලිස් පරීක්ෂක විජේගුණවර්ධන ” පොලිස් සැරයන් වරුන් වන 26443 දයාවංශ” 8237 දයාන්නද “පොලිස් සැරයන් රියදූරු 34577 අමරසූරිය” පොලිස් කොස්තාපල් 88023 තිලකරත්න යන මහත්වරු වැඩිදූර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *