මම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේ නෑ–හිටපු ජනාධිපති
මම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේ නෑ–හිටපු ජනාධිපති
ආණ්ඩු පෙරළියක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සිදු නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) රාත්‍රියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින්ය.
කෙසේවෙතත් පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායම මෙම සාකච්ඡාවට එක්වූයේ නෑ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී පැවත් විය.
රැස්වීම පැවැත් වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.