මත්පෙති ගාල්ලේ ජනප්‍රිය පාසල් ගිල ගනිති.

මත්පෙති ගාල්ලේ ජනප්‍රිය පාසල් ගිල ගනිති.

ගාල්ල නගරයේ දැනු ක්‍රියාත්මක වන මත්පෙති ජාවාරමක් නිසා පාසල් මත්වීමේ සිද්දියක් සම්බන්ධයෙන් ගාල්ල පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන පරික්ෂණයක් සිදු කරන්නට නියමි කර ඇත.

පොලිසිය පවසන පරිදි ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක 3 ශේණියේ සිසුවකුට එම පාසලේම 8 වැනි ශ්‍රේණියේ සිසුවකු විසින් ලබා දී ඇති බැව් කියන යම් කහ පැපැති පෙති වර්ගයක් පානය කිරීමෙන් පසු එම සිසුවා මත්විම නිසා රෝහල් ගතකර මේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ ආරම්භ කර ඇතැයි, ගාල්ල පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන පවසයි.

අදාළ සිසුවා රෝහලේදි පොලිසියට සහ වෛද්‍යවරුන්ට කළ ප්‍රකාශය අනුව පසුගිය 27 වැනිදා පාසල නිමවිමෙන් පසු 8 වැනි ශ්‍රේණියේ සිසුවකු රෝස පැහැති පෙති දෙකක් දි එකක් දිවයට තබා ගන්නා ලෙසත් අනෙක වතුර බෝතලයට දමා පානය කරන ලෙසත් පවසා තර්ජනය කර ඇතැයි පවසා ඇත.ඒ අනුව, වැඩිමහල් සිසුවාගේ බලකිරිම මත තමා එය සිදුකළ බවයි සිසුවා පොලිසියට පවසා ඇත්තේ.

ඒ අනුව සිසුවා එම පෙති පානය කරඇති අතර පසුව ඔහු නිවසට යාමේදි වෑන් රථයේ තද නින්දට වැටි ඇති බවත් පසුව නිවසේදි මත්වි ක්ළාන්තවීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි. සිසුවා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් අති අතර එම පෙති දුන් සිසුවා හඳුනාගෙන ඇති බවද පොලිසිය පවසයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන, සහකාර පෙලිස් අධිකාරි සතිස් ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මුලස්ථාන පොලිස් පරික්ෂක අජිත් කුමාර මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *