මගේ තාත්තගේ ජන්මදින සැමරුව දේශපාලන වාසි සඳහා යොදා ගැනීම තරයේ හෙළා දකිනවා-අර්ජුන රණතුංග

මගේ තාත්තගේ ජන්මදින සැමරුව දේශපාලන වාසි සඳහා යොදා ගැනීම තරයේ හෙළා දකිනවා-අර්ජුන රණතුංග

තම පියාණන් වන හිටපු අමාත්‍ය රෙජී රණතුංග මැතිතුමා තමන්ගේ ජීවිතයටත් වඩා සිය පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය උදෙසා කැප වූ විශිෂ්ට ජනතා නායකයෙකු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එතුමා මේ බව කියා සිටියේ අද(22) රෙජී රණතුංග මැතිතුමාගේ 81වැනි ජන්ම දින සැමරුම සඳහා උඩුගම්පොළ පිහිටි රෙජී රණතුංග ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින්ය.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිය පියාගේ ජන්මදින සැමරුව තම දේශපාලන වාසි සඳහා යොදා ගැනීම තරයේ හෙළා දකින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *