භූගත ගබඩාවක් සහිත කසිප්පු නිෂ්පාදනාගාරය–

භූගත ගබඩාවක් සහිත කසිප්පු නිෂ්පාදනාගාරය–

භූගත ගබඩාවක් සහිත කසිප්පු නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයෙකු පල්ලෙවෙල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ඊයේ 23 පොලිස් හදිසි දුරකථන අංක 119 ඔස්සේ පල්ලෙවෙල පොලීසියට ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයෙ හා කොට්ටශ බුද්ධි කොට්ටාශයේ නිලධාරීන් මගීන් සිදුකළ විමර්ශන යකදී පසුව මෙම නිශ්පාදනාගාරය සොයාගෙන ඇත.
කිරිගොවියෙකු වශයෙන් පෙනී සිටිමින් මෙම පුද්ගලයා නිවසේ ලිද අසල විශාල වලක ගෝඩා බැරල් වලලා තිබින.
මෙම ස්ථානය පිළිබඳව සැක සිතු පොලීස් නිලධාරීන් බැකෝ යන්ත්‍රයක් යොදාගෙනිමින් මෙම ස්ථානය හාරා බැලීමේදී මෙම ගෝඩා බැරල් සොයාගෙන ඇත.

මෙම වල තුල තිබූගෝඩා බැරල් 8 ක් හා ලීටර් 1000 සහ ලීටර් 500 වතුර ටැංකි දෙකක් සොයාගෙන ඇත.
ගෝඩා මිලී ලීටර් ලක්ෂ 30 ආසන්න ප්‍රමාණයක් සහ අසල කුඹුරක සගවා තිබූ වට 14 ක දඟරයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ .

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මග පෙන්වීමෙන් , ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් මත අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද මහතාගේ අධීක්ෂණයෙන් පරිදි වීර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් පල්ලෙවෙල දූෂණ හා වැටලීම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පතිරණ , පොලිස් සැරයන්වරුන් වන 81760 උඩගෙදර 46004 රාජපක්ෂ , 90376 කරුණාරත්න , 81760 ජූඩ් යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *