බෙලිහුල්ඔයේ සහ හිරිකටු ඔයේ ජලයත් සිදී යයි – ජනතාවට උග්‍රජල හිගයක්

හෝර්ටන්තැන්නේ සිට ගලා බසින සමනල වැවේ පෝෂක ගංගාවක් වන හිරිකටු ඔයේ සහ බෙලිහුල්ඔයේ  ජලය සිදී යාම හේතුවෙන් ඒ අවට ජනතාව දැඩි ජල හිඟයකට මුහුණ දී සිටිනවා.

එදිනෙදා ජල අවශ්‍යතා සපුරා ගන්නා ජල මුලාශ්‍ර සිදීයාමත් සමග ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි ඒ අවට ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර ලංකාවට බලපා ඇති නියගය හේතුවෙන් රත්නපුර, කුරුණෑගල, බදුල්ල, පුත්තලම, අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල ඇතුළු දිස්ත්‍රික් ගණනාවක ජනතාව මේ වන විට පිඩාවට පත්ව සිටිනවා.

බෙලිහුල්ඔයේ සහ හිරිකටු ඔයේ ජලය සිදී ඇති අයුරු

මේ අතර මධ්‍යම කඳුකරයේ  ප්‍රධානතම  ජලාශය වන වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා ශීඝ්‍ර ලෙස පහත වැටී තිබීම නිසා වික්ටෝරියා ජලාශයට යටව ඇති පැරණි තෙල්දෙණිය නගරය  මේ  දිනවල යළි මතුව තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *