බෙංගාල බොක්ක ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී -දිවයින පුරා සුළං සමඟ තද වැසි

බෙංගාල බොක්ක ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී -දිවයින පුරා සුළං සමඟ තද වැසි

අද(09) දිනයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍ර‍දේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදෙ‍්ශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද උදෑසන සිට සවස 2 පමණ වන විට, උතුරු අක්ෂාංශ 14.3 සහ නැගෙනහිර දේශාංශ 87.5 ආසන්නව ස්ථානගතව පවතියි.

මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර 950 පමණ දුරින් ස්ථානගතව පවතී.

මේ බලපෑමෙන් ‍දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට(10) දිනවල තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු වෙයි.

බස්නාහිර, දකුණු, මධ්‍යම හා සබරගමුව පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 50 දක්වා වන තරමක් තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, වයඹ, මධ්‍යම, හා සබරගමුව පළාත්වල ගාල්ල හා මාතර මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.

ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමිටර 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.

මේ අතර දිවයින වටා මුහුදු තීරයේ ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *