බුත්තල – කතරගම මාර්ගයේ අනතුරකින් 17කට තුවාල
බුත්තල – කතරගම මාර්ගයේ ගල්ගේ ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකුට තුවාල සිදු වී තිබෙනවා.
කතරගම දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක්, වෑන් රථයක් පසුකර යාමට උත්සහ කිරිමේදී එම වෑන් රථයේ ගැටී ඇති අතර අනතුරුව වාහන දෙකම මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙන අතර අනතුරින් ලොරි රථයේ සහ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.