බියගම ආසනයේ ඡන්ද ප්‍රතිශතය වැඩිවිමෙි රහස ඩුලිප් විජේසේකර හෙලි කරයි.

බියගම ආසනයේ ඡන්ද ප්‍රතිශතය වැඩිවිමෙි රහස ඩුලිප් විජේසේකර හෙලි කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වැදී සිටින බියගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ඩුලිප් විජේසේකර මහතා ඒ බව ප්‍රකාශ කළේ බියගම මැතිවරණ කොට්ඨාසය කාන්තා බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින්ය.

2009 සිට බියගම ආසනයේ සංවිධායකවරයා ලෙස මම දන්නවා අපට තිබෙන ලොකුම ශක්තිය මේ කාන්තා බල ඇණිය බව. ඒක අපි නිතර මතක් කරනවා. දේශපාලනික ඉතිහාසය පුරාවටම කකුල් ගෙවෙන තුරු ගෙවල් ගානේ ගිහිල්ලා අපේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ කැප වුණු හැටි අපිට මතකයි. අද අපි බොහොම ආඩම්බරයෙන් කියනවා ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම බියගම ආසනය තමයි සෑම මැතිවරණයකදීම වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බව. ගිය මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය ඊට මුලින් මැතිවරණයට වඩා 13.5% ක වැඩි වීමක් පෙන්නුවා. එහි ගෞරවය ලැබිය යුත්තේ ඔබයි.

2020 අගොස්තු 5 දා තිබෙන්⁣නෙ රටේ ඉරණම තීන්දු කරන මැතිවරණයක්. අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්වෙලා කාඩිනල්තුමාගේ නායකත්වය තුළ බොදු කිතුනු සිංහල ජනාධිපති වරයෙක් පත් කර ගත්තා. කවුරු මොනවා කිව්වත් අපිත් පත් කරගෙන තියෙන්නේ සිංහල ජනාධිපතිවරයෙක්. එතුමා ගන්නා තීන්දු තීරණ විශිෂ්ටයි. නිවැරදියි. නොවැම්බර් 17 වැනිදා පත් වුණු ජනාධිපතිතුමා නෙමෙයි අද ඉන්නේ. අද එතුමා ලෝක නායකයින් අතර ඉන්න නායකයෙක්.

රටක් හැටියට අපේ ඉරණම තීන්දු කරන මැතිවරණයක් තමයි ඉදිරියට තිබෙන්නේ. මේක ඉතාමත් වැදගත්. ඒක තමයි නිතර සිහියේ තබා ගන්නට ඕනෑ. එනම් 16 ගත්ත තීරණය වගේ නෙවෙයි, ඊටත් එහා ගිය ඓතිහාසික තීරණයක් අපට ගත යුතුව තිබෙනවා.

1948 සිටම මැතිවරණ පැවත් වුණා. අපි මොනවද කළේ? නිල්, රතු, කොල කියලා පැතිවලට බෙදිලා සුදු කෙළියා දරුවන්ගේ අනාගතය බිල්ලට තියලා. එ්ක අපි අවබෝධ කර ගන්නට ඕනෑ. මට දෙන්න තියෙන පණිවිඩය ඒක තමයි. එනිසා බෙදීම්, වෙනස්කම් අමතක කරලා, අර මෙතෙක් කල් කරගෙන ආව දේශපාලන සූදුව අගොස්තු පස්වැනිදා අහෝසි කරලා, අපි ජාතියක් විදියට අලුත් ගමනක් යාමට අධිෂ්ඨාන කරගත කර ගත යුතුව තිබෙනවා. ඒ අධිෂ්ඨානය වෙනුවෙන් කාන්තා පරපුරේ ඔබ හැම ඉතා කැපවීමෙන් වැඩ කරන බව විශ්වාසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *