බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි..

බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ස`දහා ක‍්‍රමෝපායික සැලැස්මක් වහාම ක‍්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කරමින් සිටි. අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සදහා විදේශ ගතව සිටි බැසිල් රාජපක්ෂ මහතා පසුගිය අගහරුවාදා දිවයිනට පැමිණ ඇත. යළි දිවයිනට පැමිණි සැනින් බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සදහා මුල පුරා තිබේ.

පසුගිය මැතිවරණ සියල්ලෙහි ප‍්‍රතිඵල පිළිබද පුඵල් විශ්ලේෂණයක් සිදු කර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය ඡුන්ද ප‍්‍රමාණය විද්‍යාත්මකව පුරෝකතනය කර තිබේ. ඊට අමතරව තවත් විශේෂිත මූලෝපායන් රැසක් ඔස්සේ බැසිල් රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුවේ ජනාධිපතිවරණ මෙහෙයුම සැලසුම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

උතුරු පළාතේ යාපනය, වන්නි සහ කිලිනොච්චි දිස්ත‍්‍රික්ක තුළත් නැගෙනහිර පළාතේ ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත‍්‍රික්ක තුළත් ඡන්ද පදනම පඵල් කර ගැනීමේ නව වැඩපිළිවෙලක් ද ඊට අයත් වේ. ඒ සදහා වන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්ය සාධක බලකායක් ලබන මස මුල දී එම දිස්ත‍්‍රික්ක වෙත මුදාහැරීමට නියමිතව තිබේ. කුඵදුල් ඡන්ද දායකයින් අතරින් බහුතරය ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව වෙත දිනා ගැනීම සදහා ක‍්‍රියාත්මක වැඩපිළිවෙල ද සාර්ථක ප‍්‍රතිඵල අත්කර දෙමින් අවසන් අදියරට පැමිණෙමින් තිබෙන බව ද පොදුජන පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වෙයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය පැවැත්වීම ද එම මෙහෙයුම් ව්‍යාපෘතියෙහි එක් අවස්ථාවකි. දීප ව්‍යාප්තව ග‍්‍රාමසේවා වසම් මට්ටමින් දිවයින පුරා ස්ථාපිත පක්ෂ ශාඛා ජාලය ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට කඩිනමින් සිදු කරමින් තිබේ. ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ස`දහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී දිවයිනේ පළාත් පාලන කොට්ඨාසය අතුරින් 70% කට ආසන්න ප‍්‍රමාණයක් ජයග‍්‍රහණය කිරීමට සමත් විය. එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ද්‍රවිඩ සංධානය ඇතුලූ අනිකුත් සියලූ පක්ෂ එහි දී ජයග‍්‍රහණය කරනු ලැබූවේ කොට්ඨාස 30% ක් පමණි.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණරාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *