බැඳුම්කර සිද්ධිය මෙන්ම අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ සිදු වූ කුමන්ත්රණයත් සෙවිය යුතුයි.
ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සිංගප්පූරුවේ පිහිටි නිවසේ කුමන්ත්‍රණයක් සිදු වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
තංගල්ල කාල්ටන් නිවසේ දී මාධ්‍යවේදීන් අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේදී සිදු වූ මෙම මුදල් ගනුදෙනුව දැන් රහසක් නොවන බවත්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පසුගිය ජනාධිපතිවරණ සමයේ සිංගප්පූරුවට ගොස් රැගෙන ආ ගමන් මළුවල තිබුණේ මොනවාද යන්න බොහෝ පිරිස් දැන් ප්‍රශ්න කරමින් සිටින බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.
කෙසේවෙතත් මහ බැංකු බැඳුම්කර සිද්ධිය මෙන්ම සිංගප්පූරුවේදී සිදු වූ කුමන්ත්‍රණය පිළිබඳවද සොයා බැලිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.