”බැඳුම්කර කොමිසම දැම්මේ මම විතරක් නෙමෙයි” ජනපති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කියයි.

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (09) පෙරවරුවේ පෑවත් වුණා.

මෙහිදී බැඳුම්කර කොමිසම පිලිබඳ අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියේ ගෙවල් සහ දුරකථන පිලිබඳ සොයන කොමිසමට බැඳුම්කර වංචාව අමතක වීද යන්නයි.

බැඳුම්කර කොමිසම පිළිබඳව මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද අදහස් පළකලා. කොමිසම පිහිටුවීම තමන් තනියම නොකලබව පැවසු ජනාධිපතිවරයා සඳහන් කළේ අමාත්‍ය හරින ප්‍රනාන්දුද හොරු ඇල්ලීම පිළිබඳව අදහස් පලකළ බවයි.එහිදී හරින ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ රවී කරුණානායක අමාත්‍යවරයාගේ සිද්ධිය පිලිබඳ නිතිපතිදෙපර්තමෙන්තුවේ ඉක්මන් ස්වභාවය අනෙකුත් නඩු සඳහාද තිබියයුතු බවයි.

කෙසේ වෙතත් අද පැවති කැබිනට් රැස්වීම සඳහා අමාත්‍ය රවී කරුණානායක සහභාගී නොවූ බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *