මම දන්නේ නැහැ, බැදුම්කර කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇමති රවී කියයි
අමාත්‍ය රවී කරුණානායක මහ බැංකුවේ බැදුම්කර ගණුදෙනු පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියා.
අද (02) පෙරවරු 10.20 ට පමණ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. මෙහිදී අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් වාර්ථාවක්ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අමාත්‍ය රවී කරුණානායකගේ නම සඳහන් කරමින් අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයට ලැබී ඇති කෙටි පණිවුඩ සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරුණා. මෙම ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර ඇත්තේ තමන් කිසිවක් නොදන්නා බවයි.
මේ අතර අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් අවස්ථා 13කදී එකම අවස්ථාවන්හීදි සිංගප්පූර්වේ රැඳී සිට ඇති බවද කොමිසම හමුවේ අනාවරණය කර තිබෙනවා. ඒ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අමාත්‍ය රවී කරුණානායකගේ සහ අර්ජුන් ඇලෝසියස්ගේ ගුවන් ගමන් බලපත්‍ර වාර්තා ලබා ගැනීමෙන් පසු ඉදිරිපත් කළ වාර්තාවකින්. මෙම අවස්ථා 13 න් එක් අවස්ථාවකදී හෝ දෙදෙනා සිංගප්පූර්වේදී හමුවූයේ දැයි කොමිසම අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රශ්න කර සිටි අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව තමන්ට කිසිවක් මතක නැති බවයි. යහපාලනය පිලිබඳ කල ප්‍රශ්න කිරීම් වලදී ඔහු සඳහන් කර ඇත්තේ තමන් වැනි බලවත් අමාත්‍යවරයෙක් කොමිසමට ගෙන ඒම ම යහපලානේ ප්‍රථිපලයක් බවයි.