බාලගිරි දෝෂය අවසන් — නව කැබිනට්‌ මණ්‌ඩලය හෙට දිවුරුම් දෙති –

බාලගිරි දෝෂය අවසන් — නව කැබිනට්‌ මණ්‌ඩලය හෙට දිවුරුම් දෙති –

නව කැබිනට්‌ මණ්‌ඩලය හෙට (01 වැනිදා) දිවුරුම් දෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග  සඳහන් කළේය.

විද්‍යාත්මක පදනමකට අනුව අමාත්‍යාංශ සඳහා විෂයයන් වෙන් කරමින් සකස්‌ කළ නව කැබිනට්‌ මණ්‌ඩලයේ අවසන් වාර්තාව අද (30 වැනිදා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදීමට නියමිත බවද වාර්තාවෙි

පසුගියදා සිය කැබිනට්‌ ඇමැති ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන් දැරූ ඇමැති ධුර සඳහා නව ඇමැතිවරුන් පත්කිරීම ද සිදුකර ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (01 වැනිදා) පැවැත්වෙන දිවුරුම් දීමේ අවස්‌ථාවට සහභාගි වන ලෙස නව ඇමැතිධුර හිමි වූ සියලුම දෙනාට ආරාධනා පත්‍ර යෑවීම අද සිදු කිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *