බාරකාර ආණ්ඩුවේ අගමැති ධූරය භාරගැනීම සඳහා ද මහින්ද රාජපක්ෂ මහතා සූදානම්

බාරකාර ආණ්ඩුවේ අගමැති ධූරය භාරගැනීම සඳහා ද මහින්ද රාජපක්ෂ මහතා සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්‍ෂ හවුල් ආණ්ඩුව අවසන් කර ශ‍්‍රීලනිප හා ඒකාබද්ධ විපක්ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක මහතා පවසයි.

ඔහු පවසන්නේ එම සාකච්ඡා මේ වන විට යහපත් මට්ටමක පවතින බවත් මහින්ද රාජපක්ෂ මහතා ද දක්වන ලද ප්‍රතිචාරය ඉතා යහපත් බවත්ය.

බාරකාර ආණ්ඩුවේ අගමැති ධූරය භාරගැනීම සඳහා ද මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බවද ඔහු කියා සිටියේය.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *