බස් රියදුරු බේරා ගැනීමට පැමිණි රණවිරුවා– ආදර්ශමත් ක්‍රියාවක්–

බස් රියදුරු බේරා ගැනීමට පැමිණි රණවිරුවා– ආදර්ශමත් ක්‍රියාවක්–

මාවනැල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මිරිස්වත්ත වර්ණ සංඥා අසලදී කාරයකට ඉස්සර කිරීම පිනිස නලාව ශබ්ද කිරීමට උරණවී බසයේ රියදුරාට පිහියකින් පහර දීමට තැත් කළ කාරයේ ගමන් ගත් තිදෙනෙකු යක්කල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මිරිස්වත්ත මංසන්ධියේදී අද පෙරවරුවේ කොළඹ දෙසට ගමන් ගැනීමට සංඥා එලි දැල්වූ පසුව බසයේ රියදුරා විසින් කාරයට ඉදිරියට යාම පිනිස නලාව ශබ්ද කොට ඇති අතර ඊට උරණවු කාරයේ පැමිණි දෙදෙනෙකු මන්න පිහියකින් රැගෙන බසයට ගොඩවී රියදුරු සමග බහින් හසුවී පහර දීමට සූදානම්වූ අවස්ථාවේ බසයේ රාජකාරි සදහා යමින් සිටි හමුදා සාමාජිකයෙකු එය වැලැක්වීමට තැත් කිරීමේදී ඔහුගේ අත තුවාලවී ඇතැයි පොලීසිය පවසයි.

මෙම අවස්ථාවේදී අනෙකුත් මගින් ඉදිරිපත් වීමක් හෝ නොතිබූ අවස්ථාවක එහි සිටි රණවිරුවකු ඒ සඳහා අභීතව ඉදිරිපත් වීම අගය කළ යුතු ක්‍රියාවකි අද සමාජයේ බොහෝ විට මෙවැනි අසාධාරණ ක්‍රියා වැළැක්වීමට ඉදිරිපත් වීම අවම මට්ටමේ පවතී

මෙම මන්න පිහියෙන් පහර දුන් පුද්ගලයා මීට පෙර අවස්ථා ගණනාවකදීම පුද්ගලයින්ට මේ අයුරින් තුවාල සිදුකර ඇති බව වාර්තා වේ ඒ සඳහා මන්න පිහි භාවිතා කර ඇති බවට සඳහන් අතර මෙවැනි පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදීමට වගකිවයුත්තන් කටයුතු කළ යුතු බවයි ජනතාව ප්‍රකාශ කරන්නේ

බස් රථයට ගොඩවී ඇති පුද්ගලයින් දෙදෙනා හමුදා සාමාජිකයා බසයෙන් පහළට ගෙන පහර දීමට තැත් කිරීමේදී ඒ අසලින් ගමන් ගනිමින් සිටි යක්කල පොලීසියෙහි ප්‍රජා පොලිස් ඒකකයේ පොලිස් පරීක්ෂක විජේසිංහ, උප පොලිස් පරීක්ෂක සරත් බණ්ඩාර සහ සැරයන් නිශාන්ත යන මහත්වරුන් මැදිහත්ව පහර දීමට පැමිණි දෙදෙනා සහ කාරයේ සිටි තවත් අයෙකුද අත් අඩංගුවට ගෙන ඇත.

අනතුරුව යක්කල වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත හමුදා සාමාජිකයා ප්‍රතිකාර පිනිස ගම්පහ රෝහලට ඇතුලත් කොට ඇති අතර අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *