බස් රථ දෙකක් එකිනෙක ගැටී 2ක් මරැට-විඩියෝ සහිතයි
බස් රථ දෙකක් එකිනෙක ගැටී 2ක් මරැට-විඩියෝ සහිතයි
කොළඹ නුවර පාරේ පස්යාල මංසන්ධියට ආසන්නව පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි.
මෙම අනතුර සිදුවූයේ කොළඹ සිට අනුරාධපුර හා මාවනැල්ල සිට කොළඹ දක්වා ගමන් ගත් මගී ප්රවාහන පෞද්ගලික බස්රථ දෙකක් එකි නෙක ගැටීමෙනි. මාවනැල්ල සිට කොළඹ දක්වා ගමන් කල බස් රථය පස්යාල මුරුතවල ප්රදේශයේදී බවුසරයක් පසුකර යෑමට උත්සහ කිරීමේදී අනුරාධපුර බසයේ ගැටී ඇත. මෙම ගැටීමෙන් මාවනැල්ල බස් රථයේ පසු පස අසුන් ගත් දෙදෙනෙකු මිය ගොස් ඇත. තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුවිය. ඔව්න් අතර අනුරාධපුර බස් රථයේ රියදුරුද වෙයි. මොවුන් සියළු දෙනාම වතුපිටිවල දිස්ත්රික් මූලික රෝහලට ඇතුලත් කර ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ මාවනැල්ල ප්රදේශයේ පදිංචි චාමර ධනුශ්ක ගුණරත්න 31 හැවිරිදි යුධ හමුදා නිළධාරියෙකු සහ මාවනැල්ල ප්රදේශයේ පදිංචි තිලාන් චතුරංග සේනානායක 22 හැවිරිදි අයවලූන්ය.
මෙම අනතුරින් අසල තිබු වෙළදසැල් දෙකකටද දැඩි ලෙස අළාභානී සිදුවී ඇත.
මාවනැල්ල කොළඹ දක්වා ගමන් ගත් බස් රථයේ රියදුරු නිට්ටඹුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නිට්ටඹුව පොලීසිය අනතුර පිළිබ`දව වැඩි දුර විමර්ශන සිදු කරයි.