බස්නාහිර සභාවට හයලක්ෂ හතළිස්දහස බැගින් වටිනා පුටු 125 ක් ගෙන්වීම ආණ්ඩුකාර අත්හිටුවයි
බස්නාහිර සභාවට හයලක්ෂ හතළිස්දහස බැගින් වටිනා පුටු 125 ක් ගෙන්වීම ආණ්ඩුකාර අත්හිටුවයි
බස්නාහිර පළාත් සභාවට රුපියල් හයලක්ෂ හතළිස්දහස බැගින් වටිනා පුටු 125 ක් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා “පැවැසීය.
නොවිසඳුණු මහජන ප්‍රශ්න රැසක් තිබියදී මන්ත්‍රීවරුන්ට පුටු මිලදී ගැනීම සඳහා මෙලෙස වියදම් දැරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පැවැසූ ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා වැඩිදුරටත් මෙසේද කීය.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තීරණයක් දෙනතුරු මෙය තාවකාලිකව අත්හිටුවන ලෙස බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමාට ලිපියක් මගින් දැනුම් දුන්නා. පළාත් සභාවක මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් බලතල තියෙන්නේ ආණ්ඩුකාරවරයාටයි. මේ මුදල් ඇණවුම්, භාණ්ඩ ඇණවුම් සිදුවෙලා තියෙන්නේ මට පෙර හිටපු ආණ්ඩුකාරතුමාගේ කාලයේ.
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 104 ක් සිටින අතර පුටු 125 ක් ඇණවුම් කළේ කුමන අවශ්‍යතාවයකටද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුකාවරයාගේ අවධානය යොමුවී තිබේ.
දිවයින