බලය බෙදීමට අදාළ කිසිදු යෝජනාවක් ඇතුළු කිරීමට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ සහතික වෙයි.


බලය බෙදීමට අදාළ කිසිදු යෝජනාවක් ඇතුළු කිරීමට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ සහතික වෙයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ 20 වැනි සංශෝධනය ගෙනා පසු රැස්වන කාරක සභා අවස්ථාවේදී බලය බෙදීමට අදාළ කිසිදු යෝජනාවක් ඇතුළු කිරීමට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ සහතික වෙයි.

එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහනායක හිමිවරුන්ට අවධාරණය කළේ මෙරට ඒකීය භාවය, බෞද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය, බලය බෙදීමට අදාළ යෝජනා, 13 ව්‍යවස්ථාවට අදාළ ජනපති සතු බලතල කිසිදු ආකාරයකින් 20 වැනි සංශෝධනය හරහා වෙනස් කිරීමට ඉඩ නොදෙන බවය.
එම නිසා රටේ ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීමට මහ නාහිමිවරුන් සියලු දෙනා ඇතුළු සෙසු සියලු ආගමික නායකයන් ජවිපෙ සමඟ පෙළ ගැසෙන්නැයි මන්ත්‍රිවරයා ආයාචනයක් කෙළේය.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ අදාළ සංශෝධනය ගැන ජනාධිපති, අගමැති, හිටපු ජනපති, විපක්‍ෂ නායක ඇතුළු සෙසු දේශපාලන පක්‍ෂ සමඟ පුළුල් සාකච්ඡාවක් සිදුකිරීමට ජවිපෙ සූදානම් බවයි.

මවිබිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *