බර ඔසවා ඔත්පල වූ මාවනැල්ලේ සරත් // සංවේදී වීඩියෝව බලා ඔබත් පිහිට වන්න

අපි ජාතියේ මිනිසුනි ඔබට ඇරයුම් කරන්නෙමු !

කෑගල්ලේ සමන් විජය බණ්ඩාර ගෙනෙන වාර්තාවක්

අවුරුදු 19 ක් තිස්සේ ඇදක් මත ඉනෙන් පහත කොටසේ හට ගෙන ඇති තුවාලයක් හේතුවෙන් ඔත්පල වි තනිවම නිවසක් තුල ජිවිකාව පවත්වාගෙන යන 47 හැවිරිදි මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ තඹවිට හරංකව ප්‍රදේශයේ ජිවත් වන හේරත් මුදියන්සේලාගේ සරත් කුමාර සොයා අප අද 24 වැනි බිනර පොහෝය දවසේ ඔහුගේ නිවසට ගියේ මෙ වන විට ඔහු පත්ව ඇති අසරණ තත්වය පිළිබඳව ප්‍රදේශවාසීන් පිරිසක් අප සමග පැවසීම නිසාය.

සරත් තරුණ කාලයේ මේ සුන්දර ගම් පියසේ තම පුරුදු ජිවන වෘත්තිය වන වඩු කර්මාන්තයත් තමාගේ හැකියාවන් අනුව සමාජයේ විවිධ රැකියා කිහිපයක නිරත වුයේ කෙසේ හෝ අග හිගකම් සපුරා ගනිමින් එදිනෙදා ජිවිතය ගත කිරිමටය. කිසි විටක සමාජයට කරදරයක් නොවි ජිවිකාව ගෙන ගිය ඔහු තමගේ මව ද රැක බලා ගත්හ.

පවුලේ තමන් ඇතුලූ පිරිමි දරුවන් දෙදෙනෙක් සිටියත් ඔවුන්ද විවාහ වි වෙනත් ප්‍රදේශයන් වලට පංදිචියට ගොසින්ය. ඉන් එක් අයෙක් දකුණු පළාතේද අනික් සහෝදරයා මාවනැල්ලට ආසන්න තල්ගමුවේ ජිවත් වුවත් අවුරුද්දකට වතාවකට සැරයක් පැමිණෙති. ඔවුන්ටද දරුවන්ගේ වැඩ කටයුතු තම එදිනෙදා කටයුතු නිසා නිතරම පැමිණෙන්ට ක්‍රමයක් නැත. එම නිසාම බාලයා වන තමන් මව සමග හරංකහව ගමේ ජිවත් විය. තමන්ගේ පරණ නිවස කඩා දමා සරත් විසින් ගඩොලින් මෙම නිවස සාදා ගෙන කාලය ගත කරන්නට විය. තමන් විසින් මහන්සියෙන් හරි හම්බ කරගත් මුදල් වලින් සකස් කර අතර මෙම අවසානාවන්ත ඉරණමට ඔහු ගොදුරු වුයේ අවුරුදු 29 දීය.

තමන්ගේ ළගම සිටි යාළුවන් පිරිසක් තමන්ට දන්වා සිටියේ කොට කිහිපයක් ඇද ගැනිම සඳහා පසුදා උදෑසන එන ලෙසයි. එයට හේතුව මෙම ප්‍රදේශවල වෘත්තියක් වශයෙන් දැව කදන් විකිණිම නිරන්තරයෙන් සිදු වන නිසා සමහර විශාල දැව කදන් මිනිස් ශ්‍රමය යොදා ගනිමින් කර මතින්ම අවශ්‍ය ස්ථාන වලට ගෙන යෑම සිදු වේ. පසුදා උදෑසන සරත්ද එම කාර්ය සඳහා පිටත්ව ගිය අතර සුපුරුදු පරිදි වැඩ ආරම්භ කරමින් ඒ විශාල දැව කද යාළුවන්ගේ අධාරයත් ඇතුව ඔසවා කර මත තබා ගෙන ඉදිරිපස තනිවම සිටින්නට විය. යාළුවන් සියලු දෙනා අනික් කෙළවර සිටියත් සරත්ට තිබුණ හැදි දැඩි ශරිරයට මෙවැනි දේවල් අරුමයක් නොවිය. දැව කඳ ඔසවාගෙන අදාල ස්ථානයට ගිය පසු වෙනදා එක කථාවට තම දැව කඳ බිම හෙළන යාළුවන් මෙදා කිසි කථාවක් නොමැතිව දැව කඳ බිම දමන්ට විය.

සමහර විට ඔවුන්ට දැව කදේ තිබුණු බර නිසා එවැන්නක් කරා වන්නට ඇතයි සිතන්නට පුළුවන. කෙසේ හෝ දැව කදේ පසු පස කොටස පහත් වි බිම වදිනවා සමගම නොසිතු අන්දමින් සරත්ට වාවාගත නොහැකි බරක් දැනෙන්නට විය. තත්පර කිහිපයක් යන විට තමන් බිම පතිත විය. දැව කඳ විසි වි ගියත් ඔහුගේ කොදු නාරටියට ඒ වන විටත් විශාල ලෙස හානි වි අවසන්ය. මෙම සිද්ධිය නිසා අද ඔහු සිටිනුයේ එක් තැන්වය. කොන්ද හොඳ කර දිමට වෛද්‍ය ප්‍රතිකාර වලින් හැකි බව වෛද්‍යවරු පවසන අතර ඊට පෙර තට්ටමේ ඇති තුවාලය හොඳ කර ගන්නා ලෙස වෛද්‍යවරුන් පවසයි. නමුත් තුවාලය හොඳ කර ගැනිමට ඔහුට පිළිසරණක් වන්නට කෙනෙක් ඔහුට නැති අතර ඒ වෙනුවෙන් ඔහු කාගේ හෝ පිහිටක් උදව්වක් ඉල්ලා සිටිනවා.

සරත් තමන්ගේ සිත තුල විශාල බලාපොරොත්තු තියා ගෙන ජිවත් වුවත් ෙමි සිද්ධිය නිසා ඒ සියල්ල කාලය විසින් වලකා හමාරය. යම් දවසක විවාහ වි මෙ සමාජය තුළ යහමින් දිවි ගෙවන්න දරුවන් නෑදැයන් හා ගම්මුන් සමග යහමින් කාලය ගතකරන්නට මේ තරුණයා සිතා සිටියත් ඒ සියල්ල ක්ෂණයෙන් වෙනස් විය. එදා තමන්ට කොට ඇදිමට කථා කල යාළුවන් එදායින් පසු තාමත් ඔහු බලන්නවත් පැමිණ නැත. අනතුර වු දා සිට මව විසින් සියලූම ඇප උපස්ථාන තමන්ගේ දරුවා වෙනුවෙන් කරන ලද්දේ ගම්මුන්ගේ ආධාර උපකාර ඇතිව වුවත් තමන්ගේ ආදරණිය මවත් දැනට අවුරුද්දකට පමණ ඉහතදී තමන් තනි කර ෙමි ලෝකයෙන් සමු ගෙන ගොසින්ය.

මව මිය ගිය පසු තම ආදරණිය මව වෙනුවෙන් මාස තුනේ පිංකමද අවුරුද්දේ පිංකමද ඉතා හොදින් සිදූ කරන ලදි. ඒ නිසාම ඔත්පල වි එක්තැන් වු ඔහුට අද දවසේ සලකන්නට ඔහුගේ කැත කුණු ඉවත් කර නහවා සුද්ද පවිත්‍ර කර පිරිසිදූ කරන්නේද එදිනෙදා අවශ්‍ය කෑම බිම සපයන්නේද තමන්ගේ නිවස අවට තනි නොතනියට සිටින ඒ ගුණවත් තම ගම්වැසියන්ය රාති්‍රයේ තමන් තනි නොකොට කට්ටි වශයෙන් එක් වි සරත්ගේ පාලූව මකා දමයි තමන්ට ප්‍රතිකාර ලබා ගැනිමට රෝහල කරා ගෙන යන්නේද ඔවුන් උදව් දුන්නට අද වන විට එම අයද පැමිණෙන්නේ කලාතුරකනි. ඔහුගේ ජිවිත වල තිඛෙන ගැටලූ නිසා අද සරත්ගේ කටයුතු කර ගන්න ගමේ අයට මුදල් දි කර ගැනිමට සිදු වි ඇති අතර සරත් වැසිකිලි යන්නේ ඇද මත තැනු ස්ථානයකිනි. ඒවා ඇදිම නවා පිරිසිදු කිරිමට සරත්ට මුදල් දි කාගේ හෝ පිහිට පැතිමට සිදු වි ඇති අතර දිනකට තුන් වේලම ආහාර ගැනිමට පවා අද ඔහුට හරි හමන් කෑමක් බිමක් ලැඛෙන්නේද නැති තරම්ය.

ඔහු අපට පැවසුයේ මෙ ගෙවා දමන ජිවිතය දැන් තමන්ට එපා වි ඇති අතර ජිවිතයේ පෙර දිනක මහා අකුසල කර්මයක් දැන් තමාට විපාක දි ඇති බවයි. වැඩක් පොළක් කර ගැනිමට නොහැකි නිසාම කිසිදූ මුදලක් ඔහුට නොලැබුනද සමාජ සේවා අමාත්‍යාංශයෙන් ලැඛෙන රුපියල් 3000 ක මුදල හා සමෘද්ධියෙන් ලැඛෙන මුදල මාස්පතා ලැබුණත් වෛද්‍යවරු ප්‍රකාශ කරන අන්දමට මෙම රෝගය සුව කර හැකි වුවත් රෝගය සුව කර ගැනිමට තරම් ප්‍රමාණවත් මුදලක් සරත් අත නොමැති විමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිමට එම දිනයන් හි දි දූර බැහැර රෝහලකට ඔහුව ගෙන යාමට කෙනෙකු නොමති විමත් ඒ සදහා වෙනමම වාහන පහසුකමි සපයා ගැනිමටද අපොහොසත් විම නිසා මෙම අවාසනාවන්ත ඉරණමට ගොදූරු වි ඇති බවයි. එසේ හෙයින් මෙම රෝගියාගේ හෙට දවස සාමන්‍ය මිනිසකුගේ ජිවිතය මෙන් පවත්වා ගෙන යන්නට අවශ්‍ය සත්කාරය ඔබගෙන් ඔහු බලාපොරොත්තු වෙන අතර එය සිදු කර හැකි නම් එය මහා පිංකමකි. දැන් ඔහුගේ සියලූ කටයුතු ඔහුට කර ගැනිමට සිදුව ඇත්තේ කාගේ හෝ උපකාරයෙනි. එමෙන්ම මෙ ජායාරූප වල සිටින අයුරින් සරත් සිය දෛනික ජිවිතය ගෙවා දමන අතර මෙය ඉතා අසීරු කියාවකි. විටක අඩමින් තුවාලයේ වේදනාව විද දරා ගන්නා මොහු දකින ඔනෑම කෙනෙකුට මහත් සංවේගයක් උපදි.

සරත් වෙනුවෙන් සියලූ තොරතුරු දැන ගැනිමට ඔහුගේ ජංගම දුරකථන අංකය 077 9645393

lankaabcnewslk@gmail.com අප ඔබගේ ප්‍රතිචාර බලාපොරොත්තු වන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *