බදු බර හා බඩු මිලට එරෙහිව 23 වැනිදා කොළඹදී උද්ඝෝෂණයක් — ජනතා විමුක්ති පෙරමුණ

බදු බර හා බඩු මිලට එරෙහිව 23 වැනිදා කොළඹදී උද්ඝෝෂණයක් — ජනතා විමුක්ති පෙරමුණ

ජනතාව මත පැටවූ අධික බදු බර හා බඩු මිලට එරෙහිව ආණ්ඩුවට විරෝධය පල කිරිම සඳහා ඔක්තෝබර් 23 වැනිදා කොළඹදී උද්ඝෝෂණයක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ආනයනික භාණ්ඩ සීමා කිරීම සඳහා වත්මන් රජයට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ද ඔවුන් අවධාරණය කරයි.

සිය පක්ෂ මූලස්ථානයේ අද(02) පෙරවරුවේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පල කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ පසුගිය ආණ්ඩුව අභිබවමින් වත්මන් ආණ්ඩුව විදෙස් රටවලින් ණය ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *