බදු නොගෙවීම නිසා වැසුණු මත්පැන් සමාගම ඇමැති අනුහසින් යළි වැඩ
බදු නොගෙවීම නිසා වැසුණු මත්පැන් සමාගම ඇමැති අනුහසින් යළි වැඩ
නිෂ්පාදන බදු නොගෙවීම නිසා මාස කිහිපයක් තිස්සේ වසා දමා තිබූ මෙරට ප්‍රසිද්ධ මත්පැන් සමාගමක නිෂ්පාදන කටයුතු රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ මැදිහත්වීමෙන් නැවත ආරම්භ කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරියෙක් ” පැවසීය.
රුපියල් කෝටි 50 ක පමණ නිෂ්පාදන බදු නොගෙවීම නිසා මෙම මත්පැන් නිෂ්පාදනාගාරය මාස 04 ක් පමණ වසා තිබූ බවත් අදාළ ඇමැතිවරයා විසින් එම බදු මුදල් ගෙවීමෙන් පසු එහි නිෂ්පාදන කටයුතු පෙරේදා (23 දා) සිට නැවත ආරම්භ කළ බවත් එම නිලධාරියා කීය.
මෙහි මත්පැන් බෝතල් කිරීමට සහ ලේබල් කිරීමට කාන්තාවන් යොදා ගන්නා අතර එය සුරාබදු නීතියට පටහැනි බව පැවසූ එම නිලධාරියා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද කියා සිටියේය.
බදු නොගෙවීම නිසා නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබූ මෙම මත්පැන් සමාගමේ මුල් හිමිකරුවන්ට රටේ මහත් ආන්දොaලනයට ලක්වූ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත.
දිවයින