පෝය දා කුරුඳු පොලු දේව දත්ත බිරිදිට ගසා පොලිස් අත්අඩංගුවට


පෝය දා කුරුඳු පොලු දේව දත්ත බිරිදිට ගසා පොලිස් අත්අඩංගුවට

බිරිදට කුරුදු පොල්ලකින් පහරදි තුවාල සිදුකොට සැගවි සිට පොසොන් පෝය යෙදි තිබු (27) වන දින නිවසට පැමිණි සිටි සැමියා යක්කලමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති දමිත් පෙරේරා මහතා පවසයි.

යක්කලමුල්ල පොලිසිය මගින් කරණු ලැබු විශේෂ පොලිස් මෙහෙයුමකදි මෙකි පුද්ගලයා අද 27 දින අළුයම අත්අඩංගුවට පත්ව තිබේ. මිට දින පහකට පමණ ඉහතදි මෙම පුද්ගලයා පවුල් ආරවුලක් හේතුවෙන් බිරිදට කුරුදු පොල්ලකින් පහරදි නිවසින් පැන ගොස් ඇති බවද පොලිසිය කියයි. බිරිද පහරදිමෙන් තුවාල ලබා උඩුගම රෝහලට ඇතුලත් කොට ඇති බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැමියා නාවල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු බවද පොලිසිය කියයි. යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති දමිත් පෙරේරා මහතාගේ මෙහෙයවිම යටතේ වැඩිදුර පරික්ෂණ පැවැත්වෙමින් තිබේ.පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *