පොහොට්ටුව . තවත් සභා තුනක බලය අල්ලාගනී..
පොහොට්ටුව . තවත් සභා තුනක බලය අල්ලාගනී..
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වූ තවත් ආයතන තුනක සභාපති ධුරයන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගෙන බලය පිහිටුවා ඇත.
රඹෑව, හල්දුම්මුල්ල, යටියන්තොට යන ප්රදේශීය සභාවන් තුනේ බලය මෙසේ පිහිටුවා තිබේ.
සභාපතිවරුන් තෝරා ගැනීම සදහා පැවති ඡුන්ද විමසීම්වලදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් විසින් වැඩි ඡන්ද ලබා ගත් නිසා මෙම තත්වය ඇතිවිය.