පොලිස් සහ යුධ හමුදා ඇදුමින් කොරෝනා පරීක්ෂා කිරීමට බව පවසා දිවුලපිටියේ නිවසක ලක්ෂ තිහක් මංකොල්ල කාලා

දිවුලපිටිය ප්‍රදේශයේ සත්ව අහර අලවිකරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන නිවසකට

ඇදිරි නීතිය ක්‍රියාත්මකව ඇති කාල සීමාවක දිවුලපිටිය ප්‍රදේශයේ සත්ව අහර අලවිකරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන නිවසකට පසුගිය ඉරිදා (12) රාත්‍රී 9.30 ට පමණ පොලිස් සහ යුධ හමුදා ඇදුම් ඇදගත් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමන් පැලියගොඩ පොලිස් කොට්ඨාශයෙන් පැමිණි බව සදහන් කර ඇත රට ඉදල ආපු කණ්ඩායමක් නිවස තුල රදවා ගෙන සිටින බැවින් එය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් නිවැසියන් ලවා නිවසේ ගේට්ටුව විවෘත කර නිවසට ඇතුළු වී නිවසේ තිබු මුදල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් සහ ජංගම දුරකථන දෙකක් සහ නිවෙස් හිමි ව්‍යාපාරික කාන්තාවගේ මෝටර් රථයේ යතුරද රැගෙන පලා ගොස් ඇත

පොලිස් නිළ ඇදුම් ඇදගත් දෙදෙනෙකු යුධ හමුදා ඇදුම් ඇදගත් හතර දෙනෙක් සහ සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම මංකොල්ලය සදහා සහභාගී වී ඇත නිවෙස් හිමි කාන්තාව ගේට්ටුව හැරීමෙන් අනතුරුව නිවසට පැමිණි කණ්ඩායම නිවසේ ඇති වාහන වලට ඇදිරිනීති බලපත්‍ර තිබෙනවද යන්න විමසා එම බලපත්‍ර පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත අනතුරුව නිවසේ පිස්තෝලයක් තිබෙන බවට පොලිස් ඇදුම් ලාගත් පුද්ගලයෙකු තරජනාත්මකව විමසමින් එය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඇත අනතුරුව නිවෙස් හිමියන් තමන් සතුව අවි යුධ නොමැති බව සදහන් කලද නිවසේ කාමර පරීක්ෂා කර ඇත

පසුගිය දින කිහිපයේ ව්‍යපයේ මුදල් බැංකු ගත කිරීමට නොහැකි නිසා මුදල් වෙන් වෙන්ව තබා තිබී ඇත එම මුදල් සහ බලපත්‍ර සාලයට ගෙනවිත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව විවිධ ප්‍රශ්න නිවැසියන්ට යොමු කර ඇත අනතුරුව යුධ හමුදා ඇදුම් ඇදගත් පුද්ගලයෙකු පැමිණ රටේ පවතින නීතිය සහ විධි විධාන සම්බන්ධයෙන් තර්ජනාත්මකව සදහන් කරමින් නිවැසියන් බියගන්වා කාමරයට යන ලෙසත් ඔවුන් කාමරයට දම දොර වසා ඇත පොලිස් ඇදුම් ලාගත් පුදගලයෙකු තියුණු පිහි තලයක් පෙන්වමින් තර්ජනය කරමින් අදාල මුදල් තොගයද පැහැරගෙන නිවසින් පිටවී ඇත

රට පුරා ඇදිරි නීතිය පනවා ඇති කාලයක පරීක්ෂණ ස්ථාන ස්ථාපිත කර ඇති කාලයක මෙලෙස ආරක්ෂක අංශ වල නිළ ඇදුම් ඇදගෙන මෙවැනි සිදුවීමක් කරතැයි තමන් නොසිතූ බවත් කොරෝනා වසංගතය හමුවේ රට මුහුණ පා තිබෙන තත්වය තේරුම් ගෙන සහය දීමක් වශයෙන් ගේට්ටුව හැර නීති අංශ වලට සහය දීමට ඉඩ හැරීම කල බවත් නිවසට පැමිණ ටික වෙලාවකින් ඔවුන් සොරුන් බව තේරුම් ගියද කිසිවක් කරගත නොහැකි තත්වයක සිටි නිසා ඔවුන්ට අවශ්‍ය දේ කිරීමට ඉඩ දුන් බවද නිවෙස් හිමි ව්‍යාපාරික කාන්තාව සදහන් කරන ලදී

පසුව සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසියට දැනුම් දුන් බවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කල බවත් මේ වනතුරු කිසිදු හෝඩුවාවක් නොමැති බවත් සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *