පොලිස්පතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි

පොලිස්පතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී ඇති බැවින්, ඒ පිළිබඳ පරීක්ෂණ වලට සහය දීම සඳහා පොලිස්පතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

කෑගල්ලේදී ) පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය හෙළවී පැය 48 කට වැඩි බවද උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් ඒ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කර නොමැති බවද ඒ මහතා පැවසීය.

මුලින්ම සිදුවිය යුත්තේ චෝදනා එල්ල වන නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම බවද ඒ මහතා පැවසීය.

මෙම පරීක්ෂණ සාධාරණ සිදුවීමට නම් පොලිස්පතිවරයා වහාම තමාගේ සමීපතමයාගෙන් සිදුවූ කාරණයත් පොලිස්පතිවරයාගේ සම්බන්ධතාවක් තිබීමේ හැකියාව මත පොලිස්පතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *