ජීවිත 4 ක් බේරාගැනීමට ගොස් ජීවීත 2 ක් පූජා කරයි

කන්තලේ සිට වැලි පටවාගෙන පැමිණි ටිපර් රථයක් ත‍්‍රී රෝද රථයක ගැටී මාර්ගයෙන් ඉවතට

පැන අසල වූ විදුලි කනු දෙකක ගැටීම නිසා ටිපර් රථයේ රියදුරු

ඇතුළු දෙදෙනෙක් මියගොස් ඇති බව අප වාර්තාකරු පවසයි

අද පාන්දර 2.30 පමණ පොල්ගහවෙල දෙස පැමිණි ත‍්‍රීරෝද රථය මැටි කුඹුර ප‍්‍රදේශයේදී තේ පානය කිරීමට පාරේ විරුද්ධ පැත්තේ තිබු

 

කඩයක් අසල නවතා පසුව පිටත්වීම සදහා පාරෙන් වම්පැත්තට ගැනීමට උත්සාහ කිරීමේදී පිටුපසින් පැමිණි ටිපර් රථයේ ගැටී ඇත.
පිටුපසින් පැමිණි ටිපර් රථයේ රියදුරු සිදුවීමට යන වේලාසනින්ම දැක ඇති අතර ඔහු රථයේ නලා හඩ නොනවත්වාම නාද කර ඇති අතර ත‍්‍රී රෝද රථය බේරීමට වම් පසට හරවා ඇති අවස්ථාවේ පාරෙන් ඉවතට පැන අසල වූ විදුලි කනු දෙකක ගැටීමෙන් රියදුරු ඇතුළු ටිපර් රථයේ ගමන් ගත් එක් අයෙකු මරණයට පත් වී ඇත. ටිපර් රථයේ සහයක සහ සහ

ත‍්‍රී රෝද රථයේ ගමන්ගත් රියදුරු , කාන්තාවන් දෙදෙනෙක් සහ කුඩා දරුවෙකු තුවල ලබා රෝහල් ගත කර ඇත. ත‍්‍රී රෝද රථයේ ගමන් ගත් පිරිස සුළු තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි
ටිපර් රථයට දැඩි අලාභානී සිදුවී ඇත

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *