පොහොට්‌ටුවට බලය පිහිටවන්න සහාය දෙන්න ශ්‍රීලනිපය ලෑස්‌තියි – බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය

පොහොට්‌ටුවට බලය පිහිටවන්න සහාය දෙන්න ශ්‍රීලනිපය ලෑස්‌තියි – බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය

පොදුජන පෙරමුණ අපේම කොටසක්‌ නිසා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ශ්‍රීලනිපයේ සහාය අවශ්‍ය නම් එය ලබාදීමට අපේ බාධාවක්‌ නැතැයි බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා 21 දා පැවසීය.

පොහොට්‌ටුවට බලය පිහිටවන්න සහාය දෙන්න ශ්‍රීලනිපය ලෑස්‌තියි – බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියාසිටියේ කළුතර දිස්‌ත්‍රික්‌කයේ වලල්ලාවිට, අගලවත්ත, පාලින්ද නුවර යන ප්‍රාදේශීය සභා සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් තේරීපත්වූ සභිකයන් දිවුරුම්දීමේ උත්ස ව අවස්‌ථාවට එක්‌වෙමිනි. බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති උත්සවයේදී ඒ මහතා මෙසේද කීය.

පොහොට්‌ටුව කියලා කියන්නේ අපේ පක්‍ෂයේම කොටසක්‌. ඔවුන්ගේ ජයග්‍රහණයෙන් පස්‌සේ බොහෝම උජාරුවට මෙන්ම උද්දාමයට පත්වෙලා ඉන්නේ. පළමුවෙන්ම ඔවුන්ට සුබ පතන අතර අපේ පක්‍ෂයේ කොටසක්‌ නිසා අපිට පක්‍ෂය උපදෙස්‌ දීලා තියෙන්නේ බහුතරයක්‌ ජයග්‍රහණය කරලා තියෙන පොදුජන පෙරමුණ අපේ සහයෝගයක්‌ අපේක්‍ෂා කරන්නේ නම් ඒ අය අපේ සහයෝගය බලාපොරොත්තු වන්නේ නම් සහ ඒ ගැන ඒ අයට උනන්දුවක්‌ තිබේ නම් අපේ කිසිම බාධාවක්‌ නැහැ ඒ අයට උදව් කරන්න. ඒ සහයෝගය ලබාදීම තුළින්
අපේ පක්‍ෂයට යම් විදිහකින් තනතුරක්‌ ලබා ගැනීමට වුවද හැකියාවක්‌ ඇත්නම් අපි ඒ තනතුරත් ලබාගන්න සුදානම්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනටමත් පළාත් පාලන ආයතනවලට පත්වුණ සෑම නියෝජිතයෙකුටම සහයෝගය දක්‌වන බව
ප්‍රකාශ කළා. අපි පළාත් සභාවක්‌ විදිහට පළාත් පාලන ආයතන ආරම්භ වන විටම කම්පැක්‌ටර් රථ 29 ක්‌ ලබා දුන්නා කසළ
කළමනාකරණය වෙනුවෙන් දේශපාලන මැතිවරණයක්‌ ජයග්‍රහණය කළාට පස්‌සේ දේශපාලන කුහකකම් කරන්න ජනාධිපති මෛත්‍රිපාල
සිරිසේන මහතා හෝ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හෝ බස්‌නාහිර පළාතේ පළාත් පාලන විෂය භාර ඇමැතිවරයා හැටියට මම හෝ කිසිදු
සුදානමක්‌ නැහැ. ජයග්‍රහණය කළ සභිකයන්ගේ පක්‍ෂය කුමක්‌ වුවත් ඒ අය සේවය කරන්නේ අපේ පළාතේ ජනතාවට නිසා ඒ වෙනුවෙන්
අපට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙන්න සුදානම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *