පෙට්‍රල් ගැටලුව විසඳීමට අනුකමිටුවට හැකිවේද ???

පෙට්‍රල් හිඟය වැළැක්‌වීම සඳහා ක්‍ෂණික විසඳුම් ඉදිරිපත් කිරීමට ඊයේ රැස්‌ වූ ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, සරත් අමුණුගම, අර්ජුන රණතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ඇමැති අනුකමිටුවක්‌ පත්කර ඇත.

තෙල් අර්බුදයට ක්‍ෂණික විසඳුමක්‌ ලෙස ඉන්දියාවෙන් තෙල් ගෙන්වා ගැනීමටත් දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ඒ අනුව අද (08 වන දා) දිනයේදී ඛනිජ තෙල් නැවක්‌ මෙරටට ළඟාවන බව ද ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

එමෙන්ම පවතින තෙල් අර්බුදය පිළිබඳව දීර්ඝ වශයෙන් ඇමැති මණ්‌ඩලය සාකච්ඡා කළ අතර ඇමැතිවරයා අවශ්‍ය තෙල් තොග පවත්වාගෙන නොයැම, තෙල් ඇණවුම් කිරීමේදී ප්‍රමාදවීම, සපුගස්‌කන්ද පිරිපහදුව හදිසියේ අඩාලවීම පිළිබඳව වහාම පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ඇමැති මණ්‌ඩලය තීරණය කළ බව ද ඊයේ පැවැති ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී කියා සිටියේය. කිසියම් අයකු වරදකරුවකු වුවහොත් තනතුරු නොබලා දඬුවම් කරන බව ද හෙතෙම කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *