පුළුවන්නම් තිස්සමහාරාමයේ දී රැස්වීමක් තියන්න ඉන්දික අනුරුද්ධ සජිත්ට අභියෝග කරයි.

පුළුවන්නම් තිස්සමහාරාමයේ දී රැස්වීමක් තියන්න
ඉන්දික අනුරුද්ධ සජිත්ට අභියෝග කරයි.

එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම් රැස්වීම් අද නෑ. ඔවුන් ගමට එන්නෙත් නෑ. ආවොත් ජනතාව අහනවා ඇයි රට මේ තරම් අමාරුවෙ දැම්මෙ කියලා. සජිත් ප්‍රේමදාස එකම රැස්වීමකටවත් හම්බන්තොටට යන්නෙ නෑ. තමන්ගේ මැතිවරණ කොට්ටාශයේ තිස්ස දෙබරවැවවත් ප්‍රචාරක රැලි තියන්න බෑ. අපි අභියෝග කරනවා පුළුවන්නම් තිස්සට ගිහිල්ලා රැස්වීමක් තියන්න කියලා. ගියොත් පොල් පිති ගන්න මිනිස්සු සූදානම් වෙලායි ඉන්නේ යනුවෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අත්තනගල්ලේ මාඉඹුල දී පැවති ජන ජන හමුවක දී පැවසීය.

ඉන්දික අනුරුද්ධ හිටපු මන්ත්‍රීවරයා මන්ත්‍රිවරයා මෙසේද කියා සිටියේය.

ලෝකයේ දියුණු සහ ප්‍රබල රටවල් කොරෝනා වසංගතය ඉදිරියේ අසරණ වෙද්දි අපේ පුංචි රට ඉන් මුදවාගත් නායකත්වයට රටේ ඉදිරි අනාගතය භාර දීමටත් රටට නව වැඩපිලිවෙලක් නිර්මාණය කර ගැනීමටත්, වරදාන වරප්‍රසාද වලට ගිජු නොවන, රට වෙනුවෙන් කැප වී වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක් පත්කර පත්කර ගන්නටත් තමයි එළඹෙන අගොස්තු 5 වෙනිදා මහ මැතිවරණය පැවැත්වෙන්නේ.

සමහරු පාර්ලිමේන්තුවට යන්නට මේ තරම් වෙහෙස ගන්නේ තමන්ගේ පුද්ගලික අරමුණු ඉටුකර ගන්නට කියලා ජනතාව අතර මතයක් තියෙනවා. ඒත් එහෙම ඉන්නේ අතලොස්සයි. පසුගිය වසර හතර හමාර තුල මේ රට මොන තරම් අගාදයට ගියාද කියලා ඔබ දන්නවා. රට මොන තරම් කඩා වැටුණ ද, සිද්ධ වුණේ මොනවද, නොවුණේ මොනවා ද කියා ඔබ හොඳින් දන්නවා. ජනතාව බලාපොරොත්තු වුණේ බොහොම සරලව රට පාලනය කරන ජනාධිපතිවරයෙක්. ශක්තිමත් පාර්ලිමේන්තුවක්. කුමන්ත්‍රණකාරීන්ට අවශ්‍යම විදිහට ඒවා සිදු වූ නමුත් අපට සහ රටට අවශ්‍ය දේ සිදු වුණේ නෑ. ජාතික ආරක්ෂාව නැතුව යනවාත් සමගම ආර්ථිකයත් ආර්ථිකය කඩා වැටුණා. එදා රටේ 7.6 ක ආර්ථික සංවර්ධන වේගයක් තිබූ බව මහ බැංකුව සනාථ කළා. ඩොලර් 1500 ක්ව තිබූ ඒක පුද්ගල ආදායම ඩොලර් 4500 දක්වා ඉහළ ගියා. පසුගිය අවුරුදු හතර හමාර තුලම එය වැඩි වුනේ ඩොලර් එකකින් හෝ දෙකකින්. යහපාලන රජය ආර්ථිකය වට්ටලා ඍණ ආර්ථිකයකට තල්ලු කළා. යහපාලන ආණ්ඩුව කළ ඒ විනාශයට ජනතා විමුක්ති පෙරමුණත් වග කියන්නට ඕනෑ.

මේ රටේ මහ පොළොවෙන් තුනෙන් එකක් සහ මහ මුහුදින් තුනෙන් දෙකක් අපට අහිමි වෙලයි තිබුණේ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාත් ගෝඨාභය ආරක්ෂක ලේකම්තුමාත් රටත් නිදහස් කරලා දුන්නා.

ආර්ථිකය නිකන්ම නැගිට්ටෙ නෑ. 2005 දී ආර්ථික සංවර්ධන වේගය 3.5 යි.  රනිල්ටත් සිරිසේනටත් රට දීල යනකොට එය 7.6 ක්.  මේක තේරුම් ගන්නට පුළුවන් උදාහරණයක් කියන්නම්. සාමාන්‍ය ත්‍රිරෝද රථයක් ගන්න ගිය මනුස්සයාට රුපියල් 1000 ක් හෝ 1100 ක්  තමයි රුපියල් ලක්ෂයකට වාරිකය උනේ. එහෙත් අද කීයද? 1800 යි. ලක්ෂ දහයක් ගත්ත මනුස්සයා 18000 ක් ගෙවන්න ඕනෑ. මේක උනේ අපි හින්ද ද?

ඒක වුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මහ බැංකුව මං මංකොල්ල කෑ නිසයි. ජනතා විමුක්ති පෙරමුණත් මේකට වගකියන්න ඕන. ඒගොල්ලො තිත්ත දෙශපාලනයෙ ඇත්ත මිනිස්සු කියලා දැන් එළියට ඇවිත්. අපි නම් කියන්නේ තිත්ත දේශපාලනයෙ නින්දිත මිනිස්සු කියලයි. කියන දේ නෙවෙයි එයාලා කරන්නේ. තමාගේ වේදිකාවල කතා නම් හරිම ලස්සනයි. මේ මිනිස්සුන්ට රාජපක්ෂලා ඇලජික්. රට ගොඩ යනවා නම් වැඩපිළිවෙලක් සාර්ථකව යනවා නම් මෙයාලට බලාගෙන ඉන්න බෑ. මොකක් හරි අලකලංචියක් අදිනවා. දැන් මම එද්දි දැක්කා අර ළමයි ඇඳපු චිත්‍ර උඩින් පවා පාප්පා ගගා පෝස්ටර් අලවනවා. ලස්සන කරපු බස් හෝල්ට්වලත් අලවනවා. නිර්ධන පන්තිය කියාගෙන තමයි වැඩේට බහින්නේ. හැබැයි ධනපති විදියටයි පෝස්ටර් ගැහිල්ල. මනාප නැතිවයි සටනට ආවේ. දැන් අංකත් ගහනවා. ජවිපෙ කියන්නෙ උපන්ගෙයි මෝඩයෝ.

අත්තනගල්ල කියන්නේ වැදගත් මැතිවරණ කොට්ඨාසයක්. අත්තනගල්ලෙ ඔබට දේශපාලනය අමුතුවෙන් කියා දිය යුතු නෑ. හැමදාමත් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව මැතිවරණ කොට්ඨාසයක් තමයි අත්තනගල්ල. යහපාලනයටත් සිරිසේනටත් එරෙහි කැරැල්ලේ පෙරමුණේම හිටියේ අත්තනගල්ලේ පළාත් පාලන නායකයෝ. ගෝඨාභය මහත්තයා ජයග්‍රහණය කරවන්නට පක්ෂය හැදුවා. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය දිනුවා. ඊටත් පස්සේ අපි එතුමාට ගෝඨාභයට අපේක්ෂකත්වය අරන් දුන්නා. ඒ වෙලාවෙත් අපට මොනතරම් දේවල් කිව්වද? ඒත් එක්කම තමයි එක්සත් ජාතික පක්ෂ දෙකට තුනට කැඩුණෙ. සජිත් කරපු දේවල් ලෝකෙට එළි වුණේ. රට දැනගත්තේ. ආර්ථිකය කඩාවැටෙන කොට ඒ කඩා වැටීමට වග කිවයුත්තෙක් නෑ. අයවැයෙන් සීයට තිස් පහක් හතළිහක් වෙන් කරවා ගෙන ගෙවල් හදනවා කියලා ඒ වෙනුවට තමන්ගේ ප්‍රතිරූපය පුම්බා ගන්නට පෝස්ටර් ගහන තොරණ් ගහන, ජනතා මුදල් කෝටි ගණනක් නැති කරපු මනුස්සයා දැන් රටේ ආර්ථිකය ගැන කතා කරනවා.

දැන් සජිත් අගමැති වෙන්න හදනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත උස්සපු වෙනස් පක්ෂවල අය කොහොමද කියන්නේ දහනමය තියා ගෙන මේ අගමැති කම වෙනත් පක්ෂයකින් භාරගන්න කියලා. එදා 19 වෙනි වෙනි සංශෝධනය නිර්මාණය වුණේ ජනවාරි 08 ජනාධිපතිවරයා වෙනස් වුණාට පස්සේ. ඒ ජනාධිපතිවරයාට ගැලපෙන, ඒ සිතුමි පැතුම්වලට ගැලපෙන අගමැති කෙනෙක් බිහි කර ගන්නට අවශ්‍ය වුණා. එහෙම නම් බෝම්බ ගැහුවේත් මේ දෙදෙනාම එකතු වෙලා කියලා අපට පිළිගන්නට වෙන්නේ. ඒ දෙන්නා ජනාධිපති හා අගමැති වෙලා ඉඳගෙන තමයි මහ බැංකුව මංකොල්ල කෑවේ කියලා මතක තියාගන්න. මේ දෙන්නා එකතු වෙලා තමයි හම්බන්තොට වරාය තුට්ටු දෙකට විකුණලා දැමුමෙත්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ උන් විසින් වැනසූ රට ගොඩ ගන්නටයි.

සමහරු බලාගෙන ඉන්නෙ ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් ලැබෙයි කියලායි. ඒවා නොලැබුනොත් ගෝඨාභය ලොකු නෑ ඔවුන්ට. එහෙම ඇමැතිකම් වරදාන වරප්‍රසාද වලට ගිජු කිසි කෙනෙකුට ඔබේ මනාපය දෙන්නට එපා. අපට එහෙම කියන්න අයිතියක් තියනව. අපි පොහොට්ටුව හැදුවේ බොහොම අමාරුවෙන්. ඒකට ලොකු කැප කිරීමක් කළා. ගෝඨාභය ජනාධිපති කරවන්නට නව ලක්ෂයක් ජනතාව පෙළ ගැස්සුවේ රට පුරා ඇවිදලා යි. ඒ නිසා මේ පක්ෂය අපට වටිනවා. ජනාධිපති තුමා අපට වටිනවා.පාර්ලිමේන්තුවත් අපට වටිනවා. ඒ නිසා වරදාන වරප්‍රසාද වලට ගිජු උනු මිනිස්සු, රටේ ආර්ථිකය කඩා වට්ටපු මිනිස්සු ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඔබටත් අපටත් තියෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය පාවිච්ච් කරපු වාහන දෙදාහක් විතර ගාලු මුවදොර පිට්ටනියට ගෙනත් දැම්මා අවශ්‍ය අමාත්‍යාංශ වලට ගන්න කියලා. අතිරික්තව හිටපු නිලධාරීහු වෙනස් අමාත්‍යාංශ වලට අනුයුක්ත කළා. එහෙමයි රජයේ වියදම් අඩු කළේ. දැන් පාරවල් හදනවා. ඒවායේ බෝඩ් ගහන්න එපා කියලා තියෙනවා. ඔබේ බදු මුදල් මුදල් වලින් හදන පාරවල්වල අයිතිය තියෙන්නෙ අපට නො වන නිසා. මේ කිසිම හොඳක් දකින්නට එජාපයටවත් ජවිපෙට වත් බෑ. මෙහෙම අලුත් සංස්කෘතියක් කරා රට යමින් පවතිනවා. අලුත් පරිවර්තනයකට රට සූදානමින් සූදානම් වෙමින් තිබෙනවා. ඔබ ඡන්දය දෙන්නේ පුද්ගලයන්ට නොව මේ අලුත් පරිවර්තනයටයි. එය බුද්ධිමත්ව භාවිතා කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *