පුලුවන්නම් නිව් යෝර්ක් ටයිම්ස් එකට නඩුවක් දමන්න

මම අභියෝග කරනවා  පුවත වැරදිනම් නඩු දමලා ලොකු වන්දියක් ගන්න

මේ හොරකම අල්ලන්න වැඩිය දුර යන්න අවශ්‍ය නැහැ මේ FCID එකේ උඩ තට්ටුවට ගියහම හොරා අල්ල ගන්න පුළුවන් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂය මහත්තයා කියල තිබුණා එක ඩොලර් එකක් හරි හොකම් කරලාල් තියෙනවනම් වෙඩි තබාගන්නවා කියලා හැබැයි දැන් මේ හෙළිකරන ලද මුදල ඩොලර් මිලියන 7.5 ක් අපි කියන්නේ එතුමා වෙඩි තබාගන්න අවශ්‍ය නැහැ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ගවේෂණාත්මක පුවත බොරු කියලා ඔප්පු කරලා නඩු දාන්න.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියන්නේ මුළු ලෝකයේම අතිශය ජනප්‍රිය පුවත් පතක් පුවත් පත ආවට ගියාට පුවත් පළකරන්නේ නැහැ ගවේෂණාත්මක විදියට සොයල බලල තමයි දමන්නේ.එම ආයතනයට ලොකු වත්කමක් තියෙන නිසා මහින්ද රාජපක්ෂය මැතිතුමාට පුළුවන් එම ආයතනයට එරෙහිව අපහාස නඩු දමලා ලොකු වන්දි මුදලක් අරගෙන රටේ ජනතාවට බෙදලා දෙන්න මම අභියෝග කරනවා පුලුවන්නම් කරලා පෙන්වන්න කියලා

මේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියේදී පසුගිය රජය රටට අවාසියක් වන පරිදි චීනයේ විශාලතම රාජ්‍ය ව්‍යවසායකයකු වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සමඟ ගනුදෙනු කර ඇති බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පැමිණිලි කරන බව සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පැවැසීය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාවක් පදනම් කරගෙන තමා මෙම පැමිණිල්ල කරන බව රාමනායක මහතා කීවේය.

නිව්යෝක් ටයිස්ම්ස් පුවත්පතේ පසුගිය 25 වැනිදා පළ වූ මෙම ලිපිය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙන අතර පසුගිය දශකය තුළ චීනය විසින් සහාය දෙනු ලැබූ වරාය ව්‍යාපෘති 35 ක් ඇතැයි ද චීනය ඒවා මගින් රාජ්‍යන්හි ආර්ථික හා ආරක්ෂක බලය සියතට ගැනීම ක්‍රමානුකූලව කර ඇතැයි එම ලිපියේ අන්තර්ගත විය.

රටවලට ණය දීම මගින් බලය තහවුරු කරගැනීමේ චීන න්‍යාය පිළිබඳව ශ්‍රී ලංකාව යනු විචිත්‍රවත් උදාහරණයක් යැයි ද චීන වරාය ඉදිකිරීම් මුදල්වලින් විශාල ප්‍රමාණයක් 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණයට වැය කර ඇතැයි ද එහි වැඩිදුරටත් සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *